හරිම සතුටුයි ඔයා ගැන පතී – ලසිත් මාලිංග

සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ ඊයේ (30) පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 11ක පරාජයක් හිමිවුණා.

කෙසේ වෙතත් පන්දුවාර 17ක් තුළ ලකුණු 133ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම හමුවේ පන්දුවාර 04කට ලකුණු 18ක් පමණක් ලබා දෙමින් එක කඩුල්ලක් දවා ගැනීමට සමත් වූ මතීෂ පැතිර ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දුයවිමක නිරත වුණා.

මතීෂගේ මෙම පන්දු යැවීම හමුවේ පසුගිය තරගාවලි කිහිපයක ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ලසිත් මාලිංග සිය ෆේස්බුක් ගිණුම වෙත විශේෂ සටහනක් එක්කර තිබෙනවා.

”අද ඔයාට බැනපු අය ගොඩක් දෙනෙක් සතුටු කරන්න ඔයාට පුලුවන් වෙලා හරිම සතුටුයි ඔයා ගැන පතී 🫂මතකයිනෙ කිව්ව එකක් දෙකක් වැරදුනොත් අයිමත් බනිනව පතී! ඒකට දැන් ඔයා පුරුදු වෙන්න අමාරුම තැන අමාරුවෙන්ම හිට ගන්න 🤝” යනුවෙන් ලසිත් මාලිංග සිය සටහනේ සඳහන් කර තිබුණා.

Screenshot 2026 01 31 092505

  1. නියමයි මාලිංග මුදලට පෙරේත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ ලංකාවේ ක්‍රිකට් විනාශ කරන පසුබිමක ඔබ වැනි පුහුණු කරුවන් නැතිවීම නිසා ලංකාවේ ක්‍රිකට් වල පල්ලට වැටිලා ඉවරයි.සනා, උපුල් චන්දන, ඇතුළු ඔය ඉන්න සෙට් එකම ගෙදර යවල කෙලින් තීරණයක් ගන්න පුළුවන් පුහුණුකරුවන් සොයා ගැනීම සහ ඔය ඉන්න ක්‍රිකට් පරිපාලනය වෙනස් වෙන තුරු මේ රටේ ක්‍රිකට් හදනවා බොරු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08