තරගය පැරදුණත් දසුන් ශානකගෙන් වාර්තාවක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු විස්සයි විස්ස තරගයේ ජය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (30) සමත් වුණා.

තරගය ආරම්භ කිරීමට ප්‍රථමව ඇතිවූ වර්ෂා තත්ත්වයත් සමඟ තරගයේ ඉනිමක් පන්දුවාර 17කට සීමා වුණා.

කෙසේ වෙතත් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 02කට පමණක් මුහුණදෙමින්, සියල්ලන් දැවීගොස් රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 133ක් පමණයි.

එංගලන්තය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ අදිල් රෂීඩ් ලකුණු 19කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුණා.

එමෙන්ම ශ්‍රී ලංකා ඉනිමේ අවසන් භාගයේ ක්‍රියාත්මක වූ සෑම් කරන් ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස කඩුලු ත්‍රිත්වයක් දවා ගත්තා.

එම කඩුලු ත්‍රිත්වයේ ආරම්භක කඩුල්ල ලෙස දැවී ගිය දසුන් ශානක, ජාත්‍යන්තර විස්සයි විස්ස තරගවලදී වැඩිම වාර ගණනක් කඩුලු ත්‍රිත්වයේ අවස්ථාවන්ට හසු වූ පිතිකරුවා බවට පත්වෙමින් ජාත්‍යන්තර පිටියේ වෙනස් ආකාරයේ වාර්තාවක් පිහිටුවනු ලැබුවා.

ඒ අනුව ලකුණු 133ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 15ක් තුළ කඩුලු 04ක් පමණක් දැවීගොස් ලකුණු 125ක් රැස්කර ගෙන සිටිය දී නැවතත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

කෙසේ වෙතත් ඒ වන විට එංගලන්තය සඳහා ජයග්‍රහණයට අවශ්‍ය කර තිබුණේ පන්දු 12කට ලකුණු 09ක් පමණයි.

ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට එංගලන්තය එම ඉලක්කය තවත් වැඩි ලකුණු 11ක් සමගින් සපුරා ගෙන තිබුණා.

මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත තරගාවලියේ එංගලන්තය පෙරමුණ ගනු ලැබුවා.

දෙවන තරගය හෙට (01) රාත්‍රී 07.00ට පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
16
+1
102
+1
10
+1
38
+1
16
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?