කොළඹ බස් රථ රියදුරන්ගෙන් 60%ක් මත්ද්‍රව්‍යවලට හුරුවෙලා – ඇමති බිමල්

කොළඹ සහ ඒහා තදාසන්න ප්‍රදේශයන්හි පොදු මගී ප්‍රවාහන බස් රථ රියදුරන් 60% ක් පමණ මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට බස් හිමියන්ගේ සංගම් ප්‍රකාශ කළ බව ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (30) පැවති මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් වන විශේෂ සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව අමද්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

2025 වසර තුළ සිදු වූ රිය අනතුරු නිසාවෙන් පුද්ගල මරණ 2700ක් පමණ සිදු වූ බවත්එම අනතුරුවලට වගකිවයුතුන්නගෙන් 50%ක් රියදුරන් බව හෙළිවී ඇති බවත් අමාත්‍යවරය පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?