වසර 20ක සාකච්ඡාවලින් පසු එළඹුණු, ඉන්දු – යුරෝපා ඓතිහාසික වෙළඳ ගිවිසුම

2007 වසරේදී ආරම්භ වී දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ දිග්ගැස්සුණු සාකච්ඡාවලින් පසු, ඉන්දියාව ඊයේ (27) යුරෝපා සංගමය සමග ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹුණා.

ඉන්දියාව මත 50% ක තීරුබදු පැනවූ සහ යුරෝපා සංගමයේ රටවල් 08කට 100ක තීරුබදු පනවන බවට තර්ජනය කළ එක්සත් ජනපද ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ආතතීන්ට ගැඹුරු ප්‍රතිචාරයක් වූ මෙම ඉන්දු යුරෝපා නව හවුල්කාරීත්වය, නව ලෝක පිළිවෙළක ඇඟවුම් පළ කරන බවයි විචාරකයින් පවසන්නේ.

යුරෝපා රටවල් 27 කින් සැදුම්ලත් යුරෝපා සංගමය සහ ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත රටවන ඉන්දියාව අතර නිදහස් වෙළඳාමට ඉඩ සලසමින් එළඹ ඇති මෙම නව වෙළෙඳ ගිවිසුම ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර වෙළෙඳාම ඉක්මවා ගිය නව සහයෝගීතාවයක ආරම්භයක් බවයි දෙපාර්ශ්වයේම නායකයින් සඳහන් කර ඇත්තේ
වෙළෙඳ ගිවිසුම පිළිබඳ අවසන් එකඟතා තහවුරු කිරීමෙන් පසු යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේයන් සිය X ගිණුමේ සටහන් කර තිබුණේ mother of all deals ලෙසයි.

මෙම ගනුදෙනුව මගින් 2032 වන විට ඉන්දියාවට යුරෝපා සංගමයෙන් අපනයනය කරන භාණ්ඩ දෙගුණ කරනු ඇති අතර 96.6% ක වටිනාකම අනුව තීරුබදු ඉවත් කිරීම හෝ අඩු කිරීම මගින් යුරෝපීය සමාගම් සඳහා තීරුබදු වලින් යුරෝ බිලියන 4 ක ඉතිරියක් සිදුවනු ඇතැයි යුරෝපා සංගමය පවසනවා.

ඊයේ එළඹි ගිවිසුමේ එකඟතා යුරෝපා පාර්ලිමේන්තුව සහ යුරෝපා කවුන්සිලය විසින් අනුමත කිරීමෙන් පසු මෙම වසර අග භාගයේ දී පමණ අත්සන් තැබීමෙන් පසු බලපැවැත්වෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුදල් ලේකම් හෙට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..එක දවසක්වත් තාම මුදල් කමිටුවට ඇවිත් නෑ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි
00:34
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි.."බුදුන් වහන්සේ නෙවෙයි මේ"
00:56
Video thumbnail
බස් රථයක් ප්‍රපාතයකට පෙරලි පාසල් ළමුන් ඇතුළු 20කට තුවාල - තුවාලකරුවන් වේදනාවෙන් කෑගහයි
01:27
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ නඩුවට අද ලැබුණු නියෝගය මෙන්න..සැකකරුවන්ට අධිචෝදනා ඉදිරිපත් කිරීමට සූදානම්
02:29