මේ දිනවලදී බලපා ඇති කුණාටු තත්ත්වයක් මත එක්සත් රාජධානියට පුරාවටම තද සුළං සහ අධික වැසි එරට වැසියන්ගේ එදිනෙදා ජීවිතයට බලපෑම් එල්ල කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කුණාටුවේ බලපෑම හේතුවෙන් එංගලන්තය සහ වේල්සය අතර ගමනාගමනය සිදුවන M48 සෙවර්න් පාලම ද අද (27) උදැසන දී වසා දමා ඇති බව වාර්තා වනවා.
එමෙන්ම ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් ඩෝර්සෙට්, සමර්සෙට් සහ නැගෙනහිර ඩෙවොන් යන ප්‍රදේශයන්හි මාර්ග කිහිපයක් මෙන්ම දුම්රිය සේවා කිහිපයක්ද අඩාල වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
4
+1
+1













