පාකිස්තාන ක්‍රිකට් සභාපති අගමැතිව හමුවෙයි – අවසන් තීරණය දෙවැනිදාට පෙර

එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පාකිස්තාන කණ්ඩායම සහභාගී වනවාද නැද්ද යන තීරණය පෙබරවාරි 02 වනදාට පෙර ප්‍රකාශ කරන බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොහ්සික් නක්වි පවසනවා.

සභොපතිවරයා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා ඇති අතර, ඔහු පවසන්නේ ඊයේ (26) දිනයේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙහ්බාස් ශරීෆ් හමුවී පවතින තත්ත්වය පිළිබඳව ඔහුව දැනුම්වත් කළ බවයි.

සියලු විකල්ප මේසය මත තබා ගනිමින් පවතින ගැටළු විසඳා ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් දුන් බවයි ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.

ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පාකිස්තාන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් පෙරේදා (25) දිනයේ ප්‍රකාශයට පත් කළා.

කෙසේ වෙතත් ඔවුන් එහිදී තරගාවලියට පැමිණෙන බවට නිශ්චිත දැනුම්දීමක් සිදුකළේ නැහැ.

එහිදී තේරීම් කමිටු ප්‍රධානී ආකිබ් ජාවෙඩ් සඳහන් කළේ, තම කණ්ඩායම තරගාවලියට සහභාගී වීම පිළිබඳ අවසන් තීරණය පාකිස්තාන රජය විසින් ගනු ඇති බවයි.

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පාකිස්තානයේ සහභාගී වීම පිළිබඳ අවිනිශ්චිතතාවය උද්ගත වූයේ, තරගාවලියට ඉන්දියාවේ සංචාරය කිරීම බංග්ලාදේශය ප්‍රතික්ෂේප කිරීම නිසා බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත් කිරීම හේතුවෙන්.

2 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39