හරක් හොරුන්ට පොලිසියෙන් වෙඩි – පොලිසියට තියුණු ආයුධයකින් ගහන්න හදලා

ගිරිඋල්ල, නාල්ල ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී පොලිසිය සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.

අද (25) අලුයම මෙම සිදුවීම සිදුව ඇත්තේ, සොරාගත් ගවයින් ලොරි රථයකට පටවමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදීයි.

පොලිස් නිලධරීන් විසින් ගවයින් පටවමින් සිටි ලොරි රථය පරීක්ෂා කිරීමට ගිය අවස්ථවේ වාහනය තුළ සිටි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් නිලධාරීන්ට පහර දීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදුකර ඇති අතර, එහිදී පුද්ගලයෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

තුවාලකරු ලැබූ පුද්ගලයා මිරිගම රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?