අපි ඉවත් වුනොත් ඉන්දියාව, උගන්ඩාව සමඟ ලෝක කුසලානයේ ක්‍රීඩා කරාවී

පාකිස්ථානය සහභාගී නොවන්නේ නම් තරඟාවලියේ විශ්වසනීයත්වය නැති වන බවට අනතුරු අඟවමින්, හිටපු පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක රෂීඩ් ලතීෆ් නැවතත් පාකිස්ථානයෙන් විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවත් වන ලෙස ඉල්ලා තිබෙනවා.

පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොහ්සින් නක්විගේ මෑත කාලීන ප්‍රකාශයන්ට ලතීෆ් ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ පාකිස්ථානය දැනටමත් ඉවත්වීමක් කරා ගමන් කරමින් සිටින බව එම අදහස්වලින් පෙනී යන බවයි.

ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමේ ස්ථාවරය පවත්වා ගැනීම සම්බන්ධයෙන් ලතීෆ් බංග්ලාදේශයට ප්‍රශංසා කරන අතර, එය පැහැදිලි බවක් සහ අධිෂ්ඨානශීලී බවක් පෙන්නුම් කරන බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රියාත්මක වන්නේ, ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ බලපෑම යටතේ බව පවසන ඔහු ඉන්දීය ක්‍රිකට් පරිපාලනය කෙරෙහි දේශපාලන බලපෑමට ද චෝදනා කරනවා.

යම් හේතුවකින් පාකිස්ථානය කණ්ඩායම ද මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවත් වුවහොත් තරඟාවලිය කෙරෙහි, විශේෂයෙන් ඉන්දියාව පකිස්ථාන තරඟ සඳහා ගෝලීය උනන්දුව සැලකිය යුතු ලෙස අඩුවන බවයි ලතීෆ් පවසන්නේ.

කෙසේ වෙතත් ලෝක ක්‍රිකට් මුදල් සඳහා ඉන්දියානු වෙළඳපොළ කොතරම් වැදගත්ද යන්න පෙන්වා දෙන ලතීෆ්, විකාශනය සහ ආදායම ඉන්දියාව මත බෙහෙවින් රඳා පවතින බවයි ඔහු පැවසුවේ.

මේ අතර යම් හෙයකින් පාකිස්ථානය තරගාවලියෙන් ඉවත් වුවහොත් උගන්ඩා කණ්ඩායම තරගාවලියට එක්කර ගනු ලබන බවත්, ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ දී ඉන්දියාව උගන්ඩාව වැනි කුඩා කණ්ඩායමක් සමඟ ක්‍රීඩා කරන බවත් එය ලෝක කුසලාන තරඟයක් ලෙස හඳුන්වන බවත් ඔහු උපහාසාත්මකව පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03