කෝටි 13කට වැඩි තවත් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන්තොටින් අල්ලයි (ඡායාරූප)

රුපියල් දහතුන් කෝටි තිස්නව ලක්ෂ හතළිස් දහසක් වටිනා කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් දිවයිනට රැගෙන ආ ගුවන් මගීන් තිදෙනෙක් අද (25) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් තොටුපොළ හරිත මාවත ඔස්සේ මෙම මත්ද්‍රව්‍ය තොගය පිට කර ගෙන යාමට තැත් කිරීමේ දී රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් තිදෙනා 29 සහ 32 හැවිරිදි වියේ පසුවන නාත්තන්ඩිය සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මොවුන් තිදෙනා අද (25) අලුයම 04.00ට ඕමානයේ මස්කට් නුවර සිට සලාම් එයාර් ගුවන් සේවයේ ඕ.වී.- 437 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

සැකකරුවන් විසින් රැගෙන ආ ගමන් මලු 05ක් තුළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10යි ග්‍රෑම් 394ක් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 912ක් සඟවා තිබිය දී සොයා ගැනුණා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

මේ අතර මෙම සැකකරුවන් පැමිණි ගුවන් යානයෙන්ම පැමිණි තවත් ගුවන් මගියෙක් රුපියල් අටකෝටි විසි දෙලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා.

දහතුන් කෝටි තිස්නව ලක්ෂ හතළිස් දහසක් වටිනා කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය

IMG 20260125 WA0018
IMG 20260125 WA0024
IMG 20260125 WA0021
IMG 20260125 WA0020
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?