කෝටි 08ක කුෂ් සමඟ ගුවන් මගියෙක් කටුනායකින් අල්ලයි

රුපියල් අටකෝටි විසි දෙලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අද (25) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, ඔහු රාත්‍රී සමාජ ශාලාවක පෞද්ගලික ආරක්ෂක නිලධාරීවරයෙක් ලෙස සේවය කරන බවටයි අනාවරණය වී ඇත්තේ.

මෙම සැකකරු අද (25) අලුයම 04.00ට ඕමානයේ මස්කට් නුවර සිට ස්ලාම් එයාර් ගුවන් සේවයේ ඕ.වී.- 437 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02ක් තුළ පැකට් 08ක් තුළ අසුරා කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 08යි ග්‍රෑම් 220ක ප්‍රමාණයක් මෙරටට රැගෙන ඇවිත් තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර ගුවන් මගියා මත්ද්‍රව්‍ය තොගය ද සමඟ අද (25) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?