ඉදිරි පැය 36 තුළ අලුයම් කාලයේදී පළාත් කිහිපයකට මීදුම් තත්ත්වයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ඉදිරි පැය 36ට අදාළ වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

එමෙන්ම උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවයි එම නිවෙදනය් සඳහන් වන්නේ.

වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් ඇති විය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සෙසු ප්‍රදේශ වල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඒ අතරින් උතුරු, නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වලත් මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති වීමේ හැකියාවක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48
Video thumbnail
කැබිනට් එක නොමඟ යැවීමක් - ට්‍රෙන්ඩරයක් ගැන අර්ජුනගෙන් ප්‍රබල හෙළිදරව්වක්
08:22