බංග්ලාදේශ ලෝක කුසලාන අර්බුදයට අයර්ලන්තයත් ගෑවෙයි – අයර්ලන්තයත් දැඩි තීරණයක

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ඉන්දියාවේ සංචාරය නොකිරීමේ දැඩි තිරණයක සිටින බංග්ලාදේශයේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අයි.සී.සීයට ඉදිරිපත් කළ අදහස සම්බන්ධයෙන් අයර්ලන්ත ක්‍රිකට් ආයතනය නිහඬතාව බිඳ දමා තිබෙනවා.

අයි.සී.සී නියෝජිතයා සමඟ ඊයේ (17) ඩකා හිදී පැවති විශේෂ සාකච්ඡාවේ දී බංග්ලාදේශයේ ක්‍රිකට් බලධාරීන්, කණ්ඩායම් හුවමාරුවක් සම්බන්ධ අදහසක් ඉදිරිපත් කර සිටියා.

එහිදී බංග්ලාදේශයේ ක්‍රිකට් බලධාරීන් සඳහන් කළේ, මේ වනවිට C කාණ්ඩයේ සිටින බංග්ලාදේශ කණ්ඩායම B කාණ්ඩයට මාරුකර B කාණ්ඩයේ සිටින අයර්ලන්තය C කාණ්ඩයට මාරුකළ හැකි බවයි.

ඒ, අනුව බංග්ලාදේශයේ සියලුම තරග ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා කර හැකි බවයි ඔවුන් පෙන්වා දී තිබුණේ.

බංග්ලාදේශ කණ්ඩායම, අයර්ලන්තය සමඟ හුවමාරු කර ගන්නා ලෙස ඉදිරිපත් කළ අදහස සම්බන්ධයෙන්, අයර්ලන්ත ක්‍රිකට් ආයතනය නිහඬතාව බිඳ දමමින් පැවසුවේ, තරගාවලිය වෙනුවෙන් සකස් කළ මුල් කාලසටහනෙන් ඉවත් නොවන බවට නිශ්චිත සහතිකයක් අයර්ලන්ත වෙත ලැබී ඇති බවයි.

ඒ, අනුව සැලසුම්කර ඇති පරිදි අයර්ලනත්ය නිසැකවම මූලික වටයේ තරග ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන බවයි අයර්ලන්ත ක්‍රිකට් බලධාරීන් පැවසුවේ.

අයර්ලන්තය, ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ ඕමානය සමඟ B කාණ්ඩයේ ස්ථානගත කර ඇති අතර, එම කාණ්ඩයේ මූලික වටයේ සියලුම තරග පැවැත් වෙන්නේ ශ්‍රී ලංකාව තුළයි.

බංග්ලාදේශය දැනට බටහිර ඉන්දීය කොදෙව්, ඉතාලිය, එංගලන්තය සහ නේපාලය සමඟ C කාණ්ඩයේ ස්ථානගත කර ඇති අතර, කොල්කටා සහ මුම්බායි හි ඔවුන්ගේ තරඟ ක්‍රීඩා කිරීමට සිදුවනවා.

කෙසේ වෙතත් ඉන්දියාව තුළ දී බංග්ලාදේශ කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ගැටළුකාරී තත්ත්වයක් ඇති බව පවසමින් බංග්ලාදේශය ඉන්දියාවට යෑම මේ වනවිටත් ප්‍රතික්ෂේප කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
37
+1
3
+1
2
+1
2
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
00:00
Video thumbnail
විපක්ෂයේ ඉන්න කාලේ ජොපර්වලින් අලි පන්නනවා කිව්වේ - රුවන්වැලිසෑ නායක හාමුදුරුවන් හමුවී ගොවි දුක කියයි
05:59
Video thumbnail
සුපිරි වෙළඳ සංකීර්ණයක රහසිගත ගබඩාවකින් මතුවූ කෝටි ගානක ස්මාර්ට් ජංගම දුරකථන
02:07
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24
Video thumbnail
දුම ගැහුවට වැඩක් නෑ ආයේ එනවා මදුරුවෝ - පරිසරයේ අනිත් සත්තුන්ට මේක හොඳ නෑ
04:05
Video thumbnail
මහවැලි ගඟේ දිය නෑමට ගොස් 10 වසර ළමයෙක් ගි# අතුරුදහන් - "එයා පීනගෙන එද්දි යට ගියා"
02:21
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30