බංග්ලාදේශ ලෝක කුසලාන අර්බුදයට අයර්ලන්තයත් ගෑවෙයි – අයර්ලන්තයත් දැඩි තීරණයක

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ඉන්දියාවේ සංචාරය නොකිරීමේ දැඩි තිරණයක සිටින බංග්ලාදේශයේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අයි.සී.සීයට ඉදිරිපත් කළ අදහස සම්බන්ධයෙන් අයර්ලන්ත ක්‍රිකට් ආයතනය නිහඬතාව බිඳ දමා තිබෙනවා.

අයි.සී.සී නියෝජිතයා සමඟ ඊයේ (17) ඩකා හිදී පැවති විශේෂ සාකච්ඡාවේ දී බංග්ලාදේශයේ ක්‍රිකට් බලධාරීන්, කණ්ඩායම් හුවමාරුවක් සම්බන්ධ අදහසක් ඉදිරිපත් කර සිටියා.

එහිදී බංග්ලාදේශයේ ක්‍රිකට් බලධාරීන් සඳහන් කළේ, මේ වනවිට C කාණ්ඩයේ සිටින බංග්ලාදේශ කණ්ඩායම B කාණ්ඩයට මාරුකර B කාණ්ඩයේ සිටින අයර්ලන්තය C කාණ්ඩයට මාරුකළ හැකි බවයි.

ඒ, අනුව බංග්ලාදේශයේ සියලුම තරග ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා කර හැකි බවයි ඔවුන් පෙන්වා දී තිබුණේ.

බංග්ලාදේශ කණ්ඩායම, අයර්ලන්තය සමඟ හුවමාරු කර ගන්නා ලෙස ඉදිරිපත් කළ අදහස සම්බන්ධයෙන්, අයර්ලන්ත ක්‍රිකට් ආයතනය නිහඬතාව බිඳ දමමින් පැවසුවේ, තරගාවලිය වෙනුවෙන් සකස් කළ මුල් කාලසටහනෙන් ඉවත් නොවන බවට නිශ්චිත සහතිකයක් අයර්ලන්ත වෙත ලැබී ඇති බවයි.

ඒ, අනුව සැලසුම්කර ඇති පරිදි අයර්ලනත්ය නිසැකවම මූලික වටයේ තරග ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන බවයි අයර්ලන්ත ක්‍රිකට් බලධාරීන් පැවසුවේ.

අයර්ලන්තය, ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ ඕමානය සමඟ B කාණ්ඩයේ ස්ථානගත කර ඇති අතර, එම කාණ්ඩයේ මූලික වටයේ සියලුම තරග පැවැත් වෙන්නේ ශ්‍රී ලංකාව තුළයි.

බංග්ලාදේශය දැනට බටහිර ඉන්දීය කොදෙව්, ඉතාලිය, එංගලන්තය සහ නේපාලය සමඟ C කාණ්ඩයේ ස්ථානගත කර ඇති අතර, කොල්කටා සහ මුම්බායි හි ඔවුන්ගේ තරඟ ක්‍රීඩා කිරීමට සිදුවනවා.

කෙසේ වෙතත් ඉන්දියාව තුළ දී බංග්ලාදේශ කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ගැටළුකාරී තත්ත්වයක් ඇති බව පවසමින් බංග්ලාදේශය ඉන්දියාවට යෑම මේ වනවිටත් ප්‍රතික්ෂේප කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
20
+1
1
+1
1
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?