විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර් අවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

මරදාන, පට්ටියාවත්ත ප්‍රදේශයේ දී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 500ක් සහ විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සමඟ සැකකරුවෙකු ඊයේ (170 දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු අවුරුදු 30ක් වන කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකරුවෙකික්.

සැකකරු විසින් සජීව පතරොම් තොගයක් තවත් පුද්ගලයෙකුට ලබා දී ඇති බවට අනාවරණය වීමෙන් පසු මිලි මීටර් 09 වර්ගයේ ජීව පතරොම් 75ක් සහ T56 ජීව පතරොම් 42ක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එම සැකකරු ද කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු 32 හැවිරිදි වියේ පසුවන අයෙක්.

කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර බන්ධනාගර අසල ඥාතීන් හඬා වැටෙයි - "ඕවා ග#නකොට අපි කොහොමද බලන් ඉන්නේ.."
01:19
Video thumbnail
මහර බන්ධනාගාරය අසල පවුලේ අය ඇවිත් නොසම්සුන්වෙයි - නවතම දර්ශන මෙන්න
02:50
Video thumbnail
කඳවල රත් කළ වෙ#ල්ලෙන් පුද්ගලයෙක් එළොව යයි - මෙන්න එම ස්ථානයේ නවතම දර්ශන
01:09
Video thumbnail
නොසන්සුන් වූ මහර බන්ධනගාරය තුළ ගිනි ගැනීම් කිහිපයක් - විශේෂ කාර්ය බලකායත් කැඳවයි
00:40
Video thumbnail
රනිල් එක්ක එකතු වෙන්න දෙයක් නෑ එකතුවෙලා ඉන්නේ - 2029යේ ජනපති සජිත් ප්‍රේමදාස
02:39
Video thumbnail
චාමර, පූජිත් සහ හේමසිරි ගැන කට අරියි - " මාලිමා වේදිකාවට නැග්ගනම් නඩු වැටෙන්නේ නෑ"
01:28
Video thumbnail
මාදම්පේ කොහු කර්මාන්ත ශාලාවක හදිසියේම ඇතිවූ ගින්න - මෙන්න නවතම දර්ශන
01:08
Video thumbnail
කටාන ප්‍රදේශයේ මහ රෑ රේස් පදින කොල්ලෝ
01:10
Video thumbnail
ජන වරමට හිස නවන්න බෑනේ - ආණ්ඩුව කරන්නේ අධිකරණයට බලපෑම් කිරීමක්
03:55
Video thumbnail
ම#ණ දඬුවමට එරෙහිව හිටපු පොලිස්පති පූජිත්ගෙන් අභියාචනයක් - නීතිඥයා මාධ්‍යට කියූ දේ
01:50