විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර් අවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

මරදාන, පට්ටියාවත්ත ප්‍රදේශයේ දී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 500ක් සහ විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සමඟ සැකකරුවෙකු ඊයේ (170 දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු අවුරුදු 30ක් වන කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකරුවෙකික්.

සැකකරු විසින් සජීව පතරොම් තොගයක් තවත් පුද්ගලයෙකුට ලබා දී ඇති බවට අනාවරණය වීමෙන් පසු මිලි මීටර් 09 වර්ගයේ ජීව පතරොම් 75ක් සහ T56 ජීව පතරොම් 42ක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එම සැකකරු ද කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු 32 හැවිරිදි වියේ පසුවන අයෙක්.

කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?