අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පරිවර්තනීය වෙනස සිදු කිරීමේ අඩියක්වත් පස්සට තියලා නෑ -අගමැති හරිනි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පරිවර්තනීය වෙනස සිදු කිරීමේ ක්‍රියාවලිය අඩියක්වත් පස්සට ගෙන නැති බවත්, දියත් කළ සැලසුම් ඒ ලෙසටම ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

පුත්තලම දිස්ත්‍රික්කයේ ඉදිරි අධ්‍යාපන කටයුතු පිළිබඳ දැනුවත් කිරීම සඳහා පුත්තලම කලාපයේ අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් සමග අද (17) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් පුත්තලම දිසාපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කළා.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් දීර්ඝකාලීන ක්‍රියාවලියක් තුළ සාක්ෂාත් කර ගැනීමට සැලසුම් කර ඇති ඒවා බවත් ඒ සඳහා වන යටිතල පහසුකම් සංවර්ධනය, ගුරු-විදුහල්පති බඳවා ගැනීම්, ඩිජිටල් තාක්ෂණික උපකරණ බෙදාදීම් අඛණ්ඩව සිදුකරමින් පවතින බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් මෙහිදී පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?