හැටන්, නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන්, කුඩාගම මංසන්ධියේදි ලොරි රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් (17) දින සිදු වූ අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් අයෙක් බරපතල තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පවසනවා.
අද පස්වරු 1:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම මංසන්ධියේදිය.
හැටන් සිට කුඩාගම දක්වා ධාවනය වු ලොරි රථය ප්‍රධාන මාර්යෙන් අතුරු මාර්ගයකට ධාවනය කිරිමට යාමේදී ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ වැන් රථය ලොරි රථයේ ගැටී අද පස්වරු 1:30ට පමණ මෙම අනතුර සිදු වී ඇති බවයි හැටන් පොලිසිය
සඳහන් කළේ.
ලොරි රථයේ රියදුරු හැටන් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.



