අර්බුදයට විසදුම් අරන් ICC නියෝජිතයා බංග්ලාදේශයට – ඉන්දීය ජාතික නියෝජිතයාට වීසා නැතිවෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉන්දීය ජාතික නිලධාරියෙකුට බංග්ලාදේශයට පැමිණීමට බංග්ලාදේශ වීසා ලබානොදීම මත, පන්දුවාර 20-20 ලෝක කුසලාන ගැටලුව තවත් උග්‍ර වී තිබෙනවා.

ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියාවට පැමිණීම ප්‍රතික්ෂේප කිරීමේ ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බංග්ලාදේශයට යෑමට සිටි දෙදෙනෙකුගෙන් සමන්විත අයි.සී.සී නියෝජිත කණ්ඩායමේ ඉන්දීය ජාතික නිලධාරිගේ වීසා මෙලෙස ලබාදීම බංග්ලාදේශය ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව බංග්ලාදේශ ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට අයි.සී.සී දූෂණ විරෝධී සහ ආරක්ෂක ප්‍රධානී ඇන්ඩෲ එෆ්ග්‍රේව්ට පමණක් අද (17) දිනයේ බංග්ලාදේශයට යාමට සිදු වුණා.

එළඹෙන පෙබරවාරි 07 වන දින ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන තරඟාවලියට එල්ල වී ඇති රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය විසඳීම අයි.සී.සී නියෝජිතයාගේ අවසාන අරමුණයි.

ජාත්‍යන්තර ක්‍රීඩා ආරක්ෂාව පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති හිටපු බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරියෙකු වන ඇන්ඩෲ එෆ්ග්‍රේව්, තම ක්‍රීඩකයින්ට විස්සයි විස්ස ලෝක කුසලාන තරඟ සඳහා ඉන්දියාවේ අවශ්‍ය ආරක්ෂක ආවරණය ලැබෙන බවට බංග්ලාදේශ බලධාරීන්ට සහතික කිරීම සඳහා නිර්මාණය කර ඇති පුළුල් ආරක්ෂක සැලැස්ම ඉදිරිපත් කිරීමට මෙහිදී අපේක්ෂා කරන බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

වත්මන් දේශපාලන වාතාවරණය සහ ඔවුන්ගේ ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලය සඳහා වන ආරක්ෂක ගැටළු උපුටා දක්වමින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය, ඔවුන්ගේ නියමිත කණ්ඩායම් අදියර තරඟ ඉන්දියාවෙන්, ශ්‍රී ලංකාවට මාරු කරන ලෙස නිල වශයෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
15
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගංගා අවට ජීවත් වෙන ජනතාව අවදානෙන් ඉන්න
02:41
Video thumbnail
රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
01:13
Video thumbnail
කිරිඳිඔය සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට - අවට මිනිස්සු ප්‍රවේශම් වන්න
01:29
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:23:51
Video thumbnail
රට පුරා ඇදහැලෙන වැස්ස ගැන ජනතාවට අනතුරු අඟවයි
05:09
Video thumbnail
බොරැල්ල මහ පාරට විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි
00:58
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29