නාග විහාරයට ගිය ජනපති මීගහජඳුරේ සිරිවිමල නායක ස්වාමීන්වහන්සේ බැහැදකී

යාපනය ශ්‍රී නාග විහාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත අද (16) පස්වරුවේ ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක නාග විහාරාධිපති උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රවේදී අතිපූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල නායක ස්වාමීන්වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත වුණා.

ඒ අවස්ථාවේදී විහාරස්ථානය වෙත පැමිණ සිටි ජනතාවගේ තොරතුරු විමසූ ජනාධිපතිවරයා ඔවුන් සමගද සුහද කථා බහක නිරත වුණා.

  1. බෞද්ධ භික්ෂූන් වනචාරියෝ යන විශ්වාසයේ සිටින සහ ඒ ප්‍රකාශ සමාව අයදීමටවත් උනන්දුවක් නැති මේ මිනිස්සුන්ට කුමක් නිසා විහාරස්ථානවල දොරටු විවෘතව තබනවාද