පසුගිය වසර ජාතික සමඟිය වෙනුවෙන් පොරබැඳී වසරක් – ජනපති

කුමන භාෂාවක් කතා කළත්, කුමන ආගමක් ඇදහුවත් සියලු පුරවැසියන්ට අභිමානයෙන් ජීවත්විය හැකි ජාතිවාදයෙන් තොර, ජාතික සමඟිය පිරුණු පොහොසත් රටක් ගොඩනැඟීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (14) පස්වරුවේ යාපනය, වේලනෙයි, අයියනාර් කෝවිල් ක්‍රීඩා පිටියේ පැවති උතුරු පළාත් තෛපොංගල් උත්සවයට සහභාගී වෙමින්.

තෛපොංගල් උත්සවය සඳහා සහභාගී වූ ජනාධිපතිවරයා චාරිත්‍රානුකූලව පිළිගනු ලැබූණු අතර, සංස්කෘතිකාංග රැසකින්ද මෙම අවස්ථාව විචිත්‍රවත් වුණා.

තෛපොංගල් සැමරුම සියලු දෙනාට නව අපේක්ෂා සහ බලාපොරොත්තු ඇති කරන අවස්ථාවක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා තිබෙනවාට වඩා සෑම අතින්ම දියුණු, පොහොසත් රටක් නිර්මාණය කරමින් දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟා දීමට තිර අදිටනින් යුතුව පෙරට එන ලෙස සියලුදෙනාට ආරාධනා කරනු ලැබුවා.

උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෙයචන්ද්‍ර මූර්ති රජීවන්, කේ. ඊලන්කුමරන්, ශ්‍රී බවානන්ද රාජා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයෝද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්ද, යාපනය දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05