චීන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන රජය නිල වශයෙන් අරඹයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ දී පාසල්වල ඩිජිටල් යටිතල පහසුකම් දියුණු කිරීම ඉලක්කගත සාධකයක් වන බවත්, ඩිජිටල් අසමානතාවක් පවතින පාසල් හඳුනාගෙන ඒවා ඩිජිටල්කරණයට ලක් කොට සෑම සිසුවෙකුටම සමාන අධ්‍යාපන පහසුකම් භුක්ති විඳීමට ඉඩ සලසා දිය යුතු බවත් ,තාක්ෂණය අධ්‍යාපනයට එක් කිරීමේදී ළමා ආරක්ෂණය සුරැකෙන සේ ළමා මනසට ගැලපෙන ආකාරයෙන් යම්කිසි රාමුවක් තුළ එම ක්‍රමවේදයන් සැකසිය යුතු බවත්, අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය විසින් මේ අදහස් පල කළේ අද (14) දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවති, චීන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරමින්.

එම වැඩසටහන ආරම්භ කිරීමේ ගිවිසුම අත්සන් කිරීම, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව සහ චීන තානාපති H.E. Qi Zhenhong විසින් සිදුකළ අතර, පන්ති කාමර තුළ තාක්ෂණික උපකරණ සවිකිරීම අභිබවා ගිය, ළමයාව මනා ලෙස මාර්ගගත සුරක්ෂිතතාවකින් ආරක්ෂා වූ තාක්ෂණික අධ්‍යාපන රටාවකට යොමු කිරීම ව්‍යාපෘතියේ අරමුණ වනවා.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය මගින් ඩිජිටල් අධ්‍යාපන යටිතල පහසුකම් සඳහා වන ක්ලවුඩ් (Cloud) දත්ත මධ්‍යස්ථානයක්, දුරස්ථ ඉගෙනුම් ක්‍රමවේදයක් සහ කෘත්‍රිම බුද්ධිය ඔස්සේ මෙහෙයවිය හැකි විශේෂාංග සහිත ස්මාර්ට් පන්ති කාමර 900කට ආසන්න ප්‍රමාණයක් පිහිටුවීමට ද සැලසුම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46