සේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිතමෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් අද (13) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට පැමිණියා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වනවිට වාසය කරන කොළඹ පිහිටි නිවසේ දී අද (13) පෙරවරුවේ මෙම හමුව සිදු වුණා.
ඇයගේ ධුර කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනගමින් සහ ශක්තිමත් කරමින් සිදු කළ සේවය අගයමින් හිටපු ජනාධිපතිවරයා මෙහිදී ඇයට ස්තූතිය පුදකර තිබෙනවා.
මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ලෙස සිය රාජ්‍යතාන්ත්‍රික සේවය අවසන් කරමින්, ජූලි චන්ග් ජනවාරි 16 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
1
+1
+1



