වැලිකන්ද ප්‍රදේශයේ දී පොලීසියට තියුණු ආයුධයකින් පහරදීමට පැමිණි පුද්ගලයෙකු පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් ඊයේ (12) ජීවිතක්ෂයට පත් වුණා.
පුද්ගලයින් තිදෙනෙකු සමඟ ධාවනය වූ යතුරුපැදියක් වැලිකන්ද ප්‍රදේශයේ දී නැවැත්වීමට රථවාහන පොලීසිය විසින් නියෝග කර තිබෙනවා.
එහිදී එම යතුරුපැදිය අණ නොතකා ධාවනය කර ඇති අතර, පසුව එම යතුරුපැදිකරු නිවසට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් නිලධාරීන් විසින් අදාළ පුද්ගලයා ලුහුබැඳ නිවසට යෑමේ දී එම පුද්ගලයා මන්නයක් රැගෙන පොලිස් නිලධාරීන් පහර දීමට උත්සාහ කර තිබෙනවා.
එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ගේ ආත්ම ආරක්ෂාවවට වෙඩිතැබීමක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
වෙඩි වැදීමෙන් එම පුද්ගලයාගේ පාදයට සහ පපුවට තුවාල සිදුව ඇති අතර, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබුණා.
මෙලෙස ජීවිතක්ෂයට පත් යතුරුපැදිකරු 28 හැවිරිදි වියේ පසුවන අයෙක්.
මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බවට හඳුනාගෙන ඇති අතර, මත්ද්‍රව්‍ය චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වී ඇති සිටින අයෙක් බවත්, තවත් අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු විභාගවෙමින් පවතින බව ද පොලිසිය පැවසුවා.
මේ අතර ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා සමඟ යතුරුපැදියේ පැමිණි අනෙකු පුද්ගලයින් දෙදෙනා ද හඳුනාගෙන ඇති අතර, ඔවුන් දෙදෙනා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඔවුන් දෙදෙනා ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයවලුන් බව පවසන පොලිසිය, ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව වැලිකන්ද පොලිසිය පැවසුවා.




