ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ, පඩිකාරමඩුව ප්‍රදේශයේ නිවසක ඇති වූ පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙක් විසින් පෙට්‍රල් දමා සිය නිවසට ගිනි තබා ඇති අතර, ගින්නට හසු වී 43 හැවිරිදි එම පුද්ගලයා, 36 හැවිරිදි ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ 13 හැවිරිදි දියණියක් ජීවිතක්ෂයට පත් වීමේ පුවත පසුගිය (06) වැනිදා වාර්තා වුණා.
එම ගින්නට හසු වූ 15 හැවිරිදි දියණිය, 20 හැවිරිදි පුත්‍රයා සහ 66 හැවිරිදි මිත්තණිය පිළිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන්මින් සිටි ආතර අද (10) දිනයේදී ඒ අතරින් 15 හැවිරිදි වැඩිමහල් දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති බව ගලෙන්බිඳුණුවැව පොලිසිය තහවුරු කළා.
පිලිස්සීම් තුවාල සහිත වයස අවුරුදු 20 වන පුත්‍රයා සහ මියගිය බිරිඳගේ වයස අවුරුදු 66 ක් වන මව තවමත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තවදුරටත් ගලෙන්බිඳුණුවැව පොලිසිය විසින් සිදුකරනු ලබනවා.




