පවුල් ආරවුලක් නිසා පත්තු වූ ගින්නට හසුවී වැඩිමල් දියණියත් මෙලොව හැරයයි

ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ, පඩිකාරමඩුව ප්‍රදේශයේ නිවසක ඇති වූ පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙක් විසින් පෙට්‍රල් දමා සිය නිවසට ගිනි තබා ඇති අතර, ගින්නට හසු වී 43 හැවිරිදි එම පුද්ගලයා, 36 හැවිරිදි ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ 13 හැවිරිදි දියණියක් ජීවිතක්ෂයට පත් වීමේ පුවත පසුගිය (06) වැනිදා වාර්තා වුණා.

එම ගින්නට හසු වූ 15 හැවිරිදි දියණිය, 20 හැවිරිදි පුත්‍රයා සහ 66 හැවිරිදි මිත්තණිය පිළිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන්මින් සිටි ආතර අද (10) දිනයේදී ඒ අතරින් 15 හැවිරිදි වැඩිමහල් දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති බව ගලෙන්බිඳුණුවැව පොලිසිය තහවුරු කළා.

පිලිස්සීම් තුවාල සහිත වයස අවුරුදු 20 වන පුත්‍රයා සහ මියගිය බිරිඳගේ වයස අවුරුදු 66 ක් වන මව තවමත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තවදුරටත් ගලෙන්බිඳුණුවැව පොලිසිය විසින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුවේ බෝට්ටු අනතුරේ නවතම තත්ත්වය මෙන්න - ධීවර අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්
04:50
Video thumbnail
ශානි හා රවී ඒකාලයේ තමන්ට ලැබුණු උපදෙස් අනුව කටයුතු කළා - ප්‍රශ්නයක් තියෙනවනම් අධිකරණයට යන්න
02:21
Video thumbnail
කටාන ප්‍රදේශයේ මහ රෑ රේස් පදින කොල්ලෝ - මෙන්න වීඩියෝවක් එළියට එයි
01:44
Video thumbnail
රවී, ශානි දෙන්නාට හේමසිරි, පූජිත්ට වඩා ම#ණ දඬුවම දෙන්න පුළුවන් වරදක් කරලා ?
03:03
Video thumbnail
හේමසිරි, පූජිත ප්‍රහාරකයා ගැන අවබෝධයක් තිබුණේ නෑ? ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
03:29
Video thumbnail
ජනපති ගිහින් අත්සන් කළ කුකුල් කකුල් ගිවිසුම ගැන නාමල් කියපු දේ - චීනයේ කුකුල් කකුල් දෙකක් ඩොලර් 7ක්
03:26
Video thumbnail
දැඩි වර්ෂාපතනය නිසා කැළණි ගගේ ජල මට්ටම වැඩි වන අයුරු මෙන්න
01:26
Video thumbnail
ශානි - රවී මාලිමාවේ වේදිකාවට ගොඩවුණු නිසා නිර්දෝෂීන් වෙයිද ?මාලිමාවට ප්‍රබල චෝදනා
07:34
Video thumbnail
බයික් රේස් පදින්න කොල්ලෝ ඔට්ටු අල්ලන හැටි මෙන්න - උඹලා නිසා දෙමව්පියෝ ගෙදර දුක් විදින්නේ ?
01:29
Video thumbnail
හේමසිරි, පූජිත්ට ලැබුණු දඬුවම ගැන මාලිමා ප්‍රබලයෙක්ගෙන් සැර කතාවක් - තව තව ඉස්සරහට වෙනවා
03:30