රට තුළ ඇති ෆාමසිවලින් 55%ක් වැසීයාමේ තර්ජනයක (වීඩියෝ)

පෞද්ගලික ඔසුසැල් බොහෝ ප්‍රමාණයක් වැසීයාමේ තර්ජනයකට මුහුණ දී ඇති බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

දැනට රට තුළ ලියාපදිංචි වී ඇති පෞද්ගලික ඖෂධශාලා 4,803ක් ඇති බව සඳහන් කරන එම සංගමයේ සභාපති චන්දික ගන්කන්ද, මින් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් බලපත්‍ර නිකුත් කර ඇති ඖෂධශාලා ඇත්තේ 2,254ක් බවයි පැවසුවේ.

ඒ, අනුව රට තුළ ඇති සමස්ථ ඖෂධශාලාවලින් 55%ක් බලපත්‍ර නොමැතිව පවත්වාගෙන යන ඒවා බවයි සභාපතිවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ.

මේ හේතුවෙන් එම 55%ක ඖෂධශාලා වැසීයාමේ තර්ජනයකට මුහුණ පා ඇති බව ඔහු සඳහන් කර සිටියා.

ඖෂධශාලා විවෘතව තබන මුළු කාලය පුරාම සුදුසුකම්ලත් ඖෂධවේදියෙකු එහි සේවයේ නිරත විය යුතු යන කොන්දේසිය මේ වසරේ සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර තිබෙනවා.

එම සුදුසුකම් සපුරාලිය නොහැකි ඖෂධශාලාවලට 2026 වසර සඳහා බලපත්‍රය අලුත් නොකිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බවයි සභාපතිවරයා මෙහිදී පැවසුවේ.

කෙසේ වෙතත් සුදුසුකම්ලත් ඖෂධවේදීන්ගේ පවතින දැඩි හිඟය මත, රට තුළ ඇති පෞද්ගලික ඖෂධශාලා 4,803න් 55%ක් වසාදැමීමට සිදුවන බවයි සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

  1. Scandinavian රටවල රජයේ ෆාමසි විතරයි තිබෙන්නේ. ස්වීඩනයේ මත්පැන් හල් ( බාර්) සියල්ලම 100%ක් රජයට අයත්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16
Video thumbnail
මේ හදන්නේ ඉන්ධන මිල වැඩි කරන්න - මිල වැඩි වීමෙන් අධික ලාභයක් ලබාගන්න යන්නේ
02:53
Video thumbnail
පොහොට්ටුවේ රැළියට ආපු මිනිස්සු කියන කතා
03:33
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31