රට තුළ ඇති ෆාමසිවලින් 55%ක් වැසීයාමේ තර්ජනයක (වීඩියෝ)

පෞද්ගලික ඔසුසැල් බොහෝ ප්‍රමාණයක් වැසීයාමේ තර්ජනයකට මුහුණ දී ඇති බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

දැනට රට තුළ ලියාපදිංචි වී ඇති පෞද්ගලික ඖෂධශාලා 4,803ක් ඇති බව සඳහන් කරන එම සංගමයේ සභාපති චන්දික ගන්කන්ද, මින් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් බලපත්‍ර නිකුත් කර ඇති ඖෂධශාලා ඇත්තේ 2,254ක් බවයි පැවසුවේ.

ඒ, අනුව රට තුළ ඇති සමස්ථ ඖෂධශාලාවලින් 55%ක් බලපත්‍ර නොමැතිව පවත්වාගෙන යන ඒවා බවයි සභාපතිවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ.

මේ හේතුවෙන් එම 55%ක ඖෂධශාලා වැසීයාමේ තර්ජනයකට මුහුණ පා ඇති බව ඔහු සඳහන් කර සිටියා.

ඖෂධශාලා විවෘතව තබන මුළු කාලය පුරාම සුදුසුකම්ලත් ඖෂධවේදියෙකු එහි සේවයේ නිරත විය යුතු යන කොන්දේසිය මේ වසරේ සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර තිබෙනවා.

එම සුදුසුකම් සපුරාලිය නොහැකි ඖෂධශාලාවලට 2026 වසර සඳහා බලපත්‍රය අලුත් නොකිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බවයි සභාපතිවරයා මෙහිදී පැවසුවේ.

කෙසේ වෙතත් සුදුසුකම්ලත් ඖෂධවේදීන්ගේ පවතින දැඩි හිඟය මත, රට තුළ ඇති පෞද්ගලික ඖෂධශාලා 4,803න් 55%ක් වසාදැමීමට සිදුවන බවයි සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
9
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?