දෙහිවල වෙඩි තැබීමක් – තුවාලකරුවෙක් කළුබෝවිල රෝහලට

දෙහිවල, මුහුදු මාවතේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් කොළඹ කලුබූවිල රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අද (09) රාත්‍රී 08.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.