එක්සත් රාජධානියට සිදුකෙරෙන ඇඟලුම් අපනයනයන්හි තීරු බදු රහිත ප්‍රවේශය හිමිවේ

ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ට ජනවාරි පළමු වන දා සිට බලපැවැත්වෙන පරිදි එක්සත් රාජධානියට සිදුකෙරෙන ඇඟලුම් අපනයනයන්හි තීරු බදු රහිත ප්‍රවේශය හිමිව තිබෙනවා.

සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමය සඳහා හඳුන්වා දෙන ලද ප්‍රතිසංස්කරණ ජනවාරි පළමු වන දා සිට ක්‍රියාත්මක බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ඇඟලුම් අපනයන වෙළෙඳපොළ වන අතර එහි වටිනාකම ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 675ක් පමණ වනවා.

නව විධිවිධාන බලාත්මක වීමත් සමග ශ්‍රී ලංකාවේ සිට එක්සත් රාජධානියට සිදුකෙරෙන ඇඟලුම් අපනයනයන්හි සැලකිය යුතු ඉහළ යාමක් අපේක්ෂා කරන බවයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

ශ්‍රී ලාංකික නිෂ්පාදකයින්ට වරණීය තීරු බදු ප්‍රතිලාභ පවත්වා ගනිමින් කලාපීය හවුල්කරුවන්ගෙන් භාණ්ඩ ලබා ගැනීමට ද අවස්ථාව සැලසෙන අතර මෙම නව වෙළෙඳ රීති යටතේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයින්ට පෙර නොවූ විරූ වරප්‍රසාද රැසක් හිමි වන බවත් එම නිවේදනයේ සඳහන්.

ඇඟලුම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවලින් 100%ක්ම ලෝකයේ ඕනෑම රටකින් සපයා ගැනීමට නිෂ්පාදකයින්ට අවසර ඇත. එසේ තිබියදීත්, එම නිමි ඇඟලුම් බ්‍රිතාන්‍යයට අපනයනය කිරීමේදී සම්පූර්ණ බදු සහනය හිමි වනවා.

එමෙන්ම මින් පෙර පැවති රීති අනුව ඇඟලුම් නිෂ්පාදනයේදී ප්‍රධාන ක්‍රියාවලීන් දෙකක් ශ්‍රී ලංකාව තුළ සිදු විය යුතු වුවද, නව සංශෝධන මගින් එම කොන්දේසිය ඉවත් කර නිෂ්පාදන ක්‍රියාවලීන් සරල කර තිබෙනවා.

ඇඟලුම් නොවන අනෙකුත් අපනයන සඳහා රටවල් 18කින් සමන්විත ආසියානු කලාපීය කණ්ඩායමක් හඳුන්වා දී තිබෙනවා.

මේ හරහා එම රටවලින් අමුද්‍රව්‍ය ලබාගෙන නිෂ්පාදනය කරන භාණ්ඩ සඳහා ද බ්‍රිතාන්‍යයේ වෙළෙඳ සහන අඛණ්ඩව ලබා ගත හැකියාවද පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනාශවුණ වැඩිහිටි නිවාසය බලන්න ආ මන්ත්‍රී රෝහිත සංවේදී වී බලාගෙන හිටපු හැටි
01:25
Video thumbnail
වැඩිහිටි නිවාසයේ රාජකාරිය කළ පුද්ගලයෙක් සිදුවූ සියල්ල එළියට දායි - "ගින්න ඇතිවුණේ මෙට්ට ටිකෙන්"
01:18
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි - "අනේ මට යන්න බෑ..මාව බේරගන්න.."
02:32
Video thumbnail
නිවසේ තිබූ සිරුරු එළියට ගෙන රැගෙන යයි - "සෙනෙහසේ කැඳැල්ලේ" නවතම තොරතුරු මෙන්න
02:31
Video thumbnail
වැඩිහිටි නිවාසයේ සිටි පිරිසගේ ඥාතීන් කළ හෙළිදරව්ව - හැම මාසෙම 35000 ගානේ සල්ලි දානවා
01:35
Video thumbnail
ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර දැකපු කෙනෙක් සියල්ල හෙළිකරයි - පවුලේ අය දුක දරාගන්න බැරිව හඬා වැටෙයි
01:50
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි - එකදිගට වැරදි තුනක්
00:39
Video thumbnail
අනුරට රටේ ජනපතිකම ලැබිලා තියෙන්නෙත් අතපසුවීමකින් - තිස්සකුට්ටි ආණ්ඩුවට සැරටම අමතයි
03:21
Video thumbnail
බඹර ප්‍රහා _ රයට ලක්වී සිසුන් 40ක් රෝහල් ගතකෙරේ - බඹරුන්ගෙන් බේරෙන්න ළමයි හතර අතේ දුවයි
01:39
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08