දරුවන්ට දුකක් නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා – ජනපති

දෙමාපියන්ට බරක් නොවන සහ දරුවන්ට දුකක් නොවන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මෙරට දරු පරපුරට ජාත්‍යන්තරය ජයගත හැකි නවීන අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍ය බවත්, ග්‍රාමීය දරු පරපුර විෂම දුප්පත්භාවයේ චක්‍රයෙන් මුදාගත හැකි එකම මාවත අධ්‍යාපනය බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා අසත්‍ය ප්‍රචාරවලට යට නොවී රටට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියටම ක්‍රියාත්මක කරමින් දරු පරපුරට හොඳ අනාගතයක් ගොඩනගා දීමට කටයුතු කරන බව සඳහන් කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රීක්කයේ රාජාංගනය, තලාව, නොච්චියාගම, මහවිලච්චිය, පදවිය, කැබිතිගොල්ලෑව, මහින්තලය, රඹෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සඳහා අද (09) රාජාංගනය, වැවේ පන්සල අසළදී පැවති වැඩසටහනට එක් වෙමින්.

ආපදාවෙන් පසු ජන ජීවිතය යළි ගොඩනැංවීම වෙනුවෙන් ආරම්භ කළ ‘Rebuilding Sri Lanka’ යටතේ වූ ප්‍රධානතම ව්‍යාපෘතියක් ලෙස මෙම නිවාස ඉදිකර දීමේ PROJECT 5M වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ආපදාවෙන් නිවාස අහිමි වු, නැවත එම ස්ථානයේම නිවස ඉදිකළ හැකි බවට තත්ත්ව සහතිකය ලද පවුල් වෙනුවෙන් නිවාස ඉදිකර ගැනීම සඳහා වන්දි ප්‍රදානය කිරීම එහි පළමු අදියර යටතේ සිදු කෙරෙනවා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජනවරමේ අපේක්ෂා ඉටුකරන අතරම ව්‍යසනයෙන් පසු, පැවති තත්ත්වයට වඩා හොඳ රටක් සහ ජන ජීවිතයක් ගොඩනැඟීමේ වැඩපිළිවෙළ රජය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කර ඇති බවයි.

නිවාස ඉදිකිරීම ආරම්භ කරමින් සංකේතාත්මකව එක් නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයා අනතුරුව පැවති උත්සවයේදී ප්‍රතිලාභීන් සඳහා චෙක් පත් ප්‍රදානය කිරීමටද එක් වුණා.

වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස සහ පළාතේ මහජන නියෝජිතයන්ද, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය සහ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීනද, ප්‍රදේශයේ ජනතාවද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33