දරුවන්ට දුකක් නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා – ජනපති

දෙමාපියන්ට බරක් නොවන සහ දරුවන්ට දුකක් නොවන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මෙරට දරු පරපුරට ජාත්‍යන්තරය ජයගත හැකි නවීන අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍ය බවත්, ග්‍රාමීය දරු පරපුර විෂම දුප්පත්භාවයේ චක්‍රයෙන් මුදාගත හැකි එකම මාවත අධ්‍යාපනය බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා අසත්‍ය ප්‍රචාරවලට යට නොවී රටට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියටම ක්‍රියාත්මක කරමින් දරු පරපුරට හොඳ අනාගතයක් ගොඩනගා දීමට කටයුතු කරන බව සඳහන් කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රීක්කයේ රාජාංගනය, තලාව, නොච්චියාගම, මහවිලච්චිය, පදවිය, කැබිතිගොල්ලෑව, මහින්තලය, රඹෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සඳහා අද (09) රාජාංගනය, වැවේ පන්සල අසළදී පැවති වැඩසටහනට එක් වෙමින්.

ආපදාවෙන් පසු ජන ජීවිතය යළි ගොඩනැංවීම වෙනුවෙන් ආරම්භ කළ ‘Rebuilding Sri Lanka’ යටතේ වූ ප්‍රධානතම ව්‍යාපෘතියක් ලෙස මෙම නිවාස ඉදිකර දීමේ PROJECT 5M වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ආපදාවෙන් නිවාස අහිමි වු, නැවත එම ස්ථානයේම නිවස ඉදිකළ හැකි බවට තත්ත්ව සහතිකය ලද පවුල් වෙනුවෙන් නිවාස ඉදිකර ගැනීම සඳහා වන්දි ප්‍රදානය කිරීම එහි පළමු අදියර යටතේ සිදු කෙරෙනවා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජනවරමේ අපේක්ෂා ඉටුකරන අතරම ව්‍යසනයෙන් පසු, පැවති තත්ත්වයට වඩා හොඳ රටක් සහ ජන ජීවිතයක් ගොඩනැඟීමේ වැඩපිළිවෙළ රජය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කර ඇති බවයි.

නිවාස ඉදිකිරීම ආරම්භ කරමින් සංකේතාත්මකව එක් නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයා අනතුරුව පැවති උත්සවයේදී ප්‍රතිලාභීන් සඳහා චෙක් පත් ප්‍රදානය කිරීමටද එක් වුණා.

වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස සහ පළාතේ මහජන නියෝජිතයන්ද, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය සහ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීනද, ප්‍රදේශයේ ජනතාවද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභා ගැන කියූ අර්චුනාට වැඩ වරදියි ?..රටම දෙදරන හෙළිදරව්වක් එළියට
09:11
Video thumbnail
ආණ්ඩු පත් කරන්නත් පළවා හරින්න බලය තියෙන්නේ ගැහැණු අපිට..කොට්ටහච්චි විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
07:47
Video thumbnail
මතුගම නගරයේ දැඩි උණුසුම් තත්ත්වයක්.."ප්‍රේමදාස..මොකක්ද මේ අ#හනේ" හරිනි සහෝදරිය වෙනුවෙන් පාරට බැස්සේ
04:51
Video thumbnail
චාමර සම්පත් ලෙසටම ෆයර් වෙයි..මහින්ද ජයසිංහගෙන්ම ගිහින් අහගන්න ඕවා..
06:00
Video thumbnail
වසන්ත විපක්ෂයට හොඳම එකෙන් දෙසයි..මේ විශ්වාසභංගයෙනුත් විපක්ෂයට විශ්වාසය භංග වෙන්නේ
07:18
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම
00:32
Video thumbnail
මහා නායක හිමියන්ට පට්ටපල් බොරු කියලා අන්දන්න හැදුවේ..සමන් මොඩියුලර් නිසා ලෙසටම කුපිතවෙයි
13:16
Video thumbnail
ශ්‍රි.ල.නි.ප මධ්‍යම කාරක සභා රැස්වීමට චාමර සම්පත් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
07:59
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46


?