දූෂිත ගල්අඟුරු ගනුදෙනුව ගැන විවාදයකට බලශක්ති ඇමතිට අභියෝගයක්

දූෂිත ටෙන්ඩරයක් මඟින් බාල ගල්අඟුරු මෙරටට ආනයනය කර පාඩු සිදුකර ඇති බව අනාවරණයක් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක, ඒ පිළිබඳව ඕනෑම නාළිකාවක ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට අභියෝග කරනවා.

එම අභියෝගය එල්ල කරමින් මන්ත්‍රීවරයා පවසන්නේ අදාළ ගනුදෙනුව සම්පූර්ණයෙන්ම දූෂිත බව තමා ඔප්පු කරන පෙන්වන බවයි.

වත්මන් රජය සිය පාලන කාලයේ මුල් සතියේ සිටම දූෂණ සහ වංචාවල නිරත වන බවට චෝදනා කරමින්, මන්ත්‍රී ඩී.වී. චානක මහා පරිමාණ ගල්අඟුරු වංචාවක තොරතුරු පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළා.

එහිදී චෝදනා කරමින් චානක මන්ත්‍රීවරයා පැවසුවේ සාමාන්‍යෙයන් අප්‍රේල් මාසයේ කැඳවිය යුතු ගල් අඟුරු ටෙන්ඩරය සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීමට රජය කටයුතු කර ඇති බවයි.

එමෙන්ම දිවයිනට ගෙන ආ පළමු ගල්අඟුරු නැව් දෙකේ Calorific value5600-5800 අතර පවතින බව ලක්විජය බලාගාරයේ පරීක්ෂණවලින් තහවුරු වී ඇති අතර,ගල්අඟුරු ටෙන්ඩර් මාර්ගෝපදේශ අනුව මෙය අවම වශයෙන් 5900 විය යුතු බවත් මන්ත්‍රීවරයා චෝදනා කරමින් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35
Video thumbnail
මොරගල්ල වෙරළ ඛාදනය නිසා සංචාරක ජීවිත අනතුරේ..කවුද මේවට වගකියන්නේ? කළු ගල් හැම තැනම
07:16
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම..අගමැතිනිට තිබුණනේ ගෝඨාභයට ස්තූති කරන්න
05:42
Video thumbnail
කූවේට් රාජ්‍යයේ සිරගත වී සිටින ලාංකික ශ්‍රමිකයින් නිදහස් කර දෙන්න..බිරින්දෑවරු හඬා වැටෙයි
13:33
Video thumbnail
කාළගුණය උඩි යටිකුරු වෙයි..කාළගුණය ගැන විශේෂ ප්‍රකාශයක්
02:20
Video thumbnail
රාජාංගන ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කරයි
00:37
Video thumbnail
ත්‍රීවීල් හිමියන් කුපිත වී රෙදි ගැ#වෙන්නම දෙසයි.."ගණන් අඩුයි නෙවෙයි යකෝ හිඟන ගණන් තියෙන්නේ"
08:14


?