ඉරානයේ විරෝධතා දරුණු වෙයි – 34ක් දැනටමත් ජීවිතක්ෂයට

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ නායකත්වයෙන් යුත් ඉස්ලාමීය පාලනයට එරෙහි විරෝධතා ටෙහෙරානයේ තීව්‍ර වී තිබෙනවා.

බිඳ වැටෙන ආර්ථිකයක් සහ ආරක්ෂක හමුදාවල මර්දනයන් මධ්‍යයේ ඉහළ යන ජීවන වියදම නිසා කෝපයට පත් ඉරාන වැසියන් වීදි බැස එරට වත්මන් පාලනයට එරෙහිව සටන් කිරීම ආරම්භ කර ඊයේ දිනට දින 12ක් ගත වුණා.

දෙසැම්බර් 28 වනදා, ටෙහෙරාන් අගනුවර වෙළඳුන් පිරිසක් ආරම්භ කළ විරෝධතා මේ වන විට එරට පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි බලයෙන් පහ කරන ලෙසත්, දිවංගත හිටපු ෂා රජුගේ පිටුවහල් කරන ලද පුත් රේසා පහ්ලවි නැවත පැමිණෙන ලෙසත් විරෝධතාකරුවන් මෙහිදී ඉල්ලා සිටිනවා.

මේ අතර බ්‍රහස්පතින්දා සවස ටෙහෙරානයේ සහ දෙවන නගරය වන මෂාඩ් හි පැවති සාමකාමී විරෝධතා, ආරක්ෂක හමුදා විසින් විසුරුවා හරින ලද අතර, අනතුරුව රට පුරා අන්තර්ජාල විසන්ධි කිරීමක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

එක්සත් ජනපදය පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරී ප්‍රවෘත්ති ඒජන්සිය පවසා ඇත්තේ මෙම විරෝධතාවල දී මේ වනවිට අවම වශයෙන් පුද්ගකයින් 34 දෙනෙකු මියගොස් ඇති බවයි.

ඔවුන්ගෙන් පස් දෙනෙකු ළමයින් බව සඳහන් කරන එම ඒජන්සි ආරක්ෂක නිලධාරීන් අටදෙනෙකු ද මිය ගොස් ඇති බවයි පවසන්නේ.

තවත් විරෝධතාකරුවන් 2,270 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48