කොහුවල දැරියකට වෙඩි වැදුණු සිද්ධියේ සැකකරුවෙක් අයිස් සමඟ මාට්ටු

පසුගිය 30 වන දින කොහුවල, බෝධියත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් වෙඩි තබා දැරියකට තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශනයක් පවත්වනවා.

ඒ අනුව එම නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ සම්බන්ධයෙන් ඊයේ (06) දින බඩෝවිට 03 අදියර ප්‍රදේශයේදී අපරාධය සිදු කිරීම සඳහා පැමිණි යතුරුපැදිය අපරාධකරුවන් වෙත ලබා දී ආධාර අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් ද තිබී සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු වයස අවුරුදු 32 ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?