කොහුවල දැරියකට වෙඩි වැදුණු සිද්ධියේ සැකකරුවෙක් අයිස් සමඟ මාට්ටු

පසුගිය 30 වන දින කොහුවල, බෝධියත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් වෙඩි තබා දැරියකට තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශනයක් පවත්වනවා.

ඒ අනුව එම නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ සම්බන්ධයෙන් ඊයේ (06) දින බඩෝවිට 03 අදියර ප්‍රදේශයේදී අපරාධය සිදු කිරීම සඳහා පැමිණි යතුරුපැදිය අපරාධකරුවන් වෙත ලබා දී ආධාර අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් ද තිබී සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු වයස අවුරුදු 32 ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිවුණ ගං වතුරට බැකෝ යන්ත්‍ර යටවූ අයුරු මෙන්න
00:35
Video thumbnail
කළු පාලමේ වැඩට ගෙනා බැකෝ යන්ත්‍ර ගං වතුරට යටවූ අයුරු මෙන්න - ඔක්කොම යටවෙලා - ඒ තරම් වතුර
01:07
Video thumbnail
උඩුයටිකුරු වුණු කාලගුණයේ නවතම තතු මෙන්න - මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි..සුළඟේ වේගය ඉහළට ?
05:13
Video thumbnail
බඩ ඉරිඟු ගෙන්වීමේදී සිදුවූ අතයට ගණුදෙනු නාමල් හෙළිකරයි - කෙළින්ම සල්ලිවලට වැඩේ ගිහින්
06:52
Video thumbnail
එදා හේමසිරි හරි අපූරුවට දුන්න උත්තරය - "මෙච්චර දෙයක් වෙයි කියලා හිතුවේ නෑ"
04:01
Video thumbnail
ලෙඩෙක්ට ඉදගන්න බංකුවක් තියන්න නොදෙන මිනිස්සු.."ලෙඩ්ඩු ගිහින් දාන්න වැඩිහිටි නිවාසයකට.."
05:02
Video thumbnail
කිරි කොරහා නටන්න දඹානේ ඉදලා මාදම්පෙට ආ ආදිවාසින් - කොහොමද ඒ නැටුමේ ලස්සන ?
02:32
Video thumbnail
ගාල්ලට වැසි ඇදෙහැලෙන අයුරු
01:42
Video thumbnail
අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට
00:57
Video thumbnail
අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට - ඉපැරැණි ගස් සහ ස්ථානත් මතුවෙයි
01:20