ගල් වලක ගල් බෝරයක් පිපිරීමෙන් සේවකයෙක්ට දිවි අහිමි වෙයි

මීගොඩ පොලිස් වසමේ දාම්පේ ප්‍රදේශයේ පිහිටි ගල් වලක ඊයේ (06) දින සවස් කාලයේ ගල් බෝරයක් පිපිරීම හේතුවෙන් බරපතල තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කළ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු‍ 52 ක් වූ පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ එම ගල් වලෙහි සේවය කළ අයෙක්.

මෙම පුද්ගලයා සහතවත් අයෙක් ගල්වලේ ගල්බෝර 08 ක් පිපිරවීමට සුදානම් කර ඉන් 07 ක් පුපුරවා හැර ඇති අතර එක් ගල් බෝරයක් පිපිරි නැහැ.

පසුව මරණකරු පිපිරි ගිය ගල් කොටස් පහලට ඇඳ දැමීම සඳහා ලණුව ආධාරයෙන් පහලට බැස ගල් පෙරලමින් සිටියදී මෙම පුපුරා නොගිය ගල් බෝරය එකවරම පිපිරි යාමෙන් මෙම අනතුරු සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

මෘත ශරීරය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මීගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිවුණ ගං වතුරට බැකෝ යන්ත්‍ර යටවූ අයුරු මෙන්න
00:35
Video thumbnail
කළු පාලමේ වැඩට ගෙනා බැකෝ යන්ත්‍ර ගං වතුරට යටවූ අයුරු මෙන්න - ඔක්කොම යටවෙලා - ඒ තරම් වතුර
01:07
Video thumbnail
උඩුයටිකුරු වුණු කාලගුණයේ නවතම තතු මෙන්න - මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි..සුළඟේ වේගය ඉහළට ?
05:13
Video thumbnail
බඩ ඉරිඟු ගෙන්වීමේදී සිදුවූ අතයට ගණුදෙනු නාමල් හෙළිකරයි - කෙළින්ම සල්ලිවලට වැඩේ ගිහින්
06:52
Video thumbnail
එදා හේමසිරි හරි අපූරුවට දුන්න උත්තරය - "මෙච්චර දෙයක් වෙයි කියලා හිතුවේ නෑ"
04:01
Video thumbnail
ලෙඩෙක්ට ඉදගන්න බංකුවක් තියන්න නොදෙන මිනිස්සු.."ලෙඩ්ඩු ගිහින් දාන්න වැඩිහිටි නිවාසයකට.."
05:02
Video thumbnail
කිරි කොරහා නටන්න දඹානේ ඉදලා මාදම්පෙට ආ ආදිවාසින් - කොහොමද ඒ නැටුමේ ලස්සන ?
02:32
Video thumbnail
ගාල්ලට වැසි ඇදෙහැලෙන අයුරු
01:42
Video thumbnail
අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට
00:57
Video thumbnail
අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට - ඉපැරැණි ගස් සහ ස්ථානත් මතුවෙයි
01:20