පොලිස් වාර්තාවකට රුපියල් දසදහසක් ගත් සැකකාර පොලිස් නිලධාරියා රිමාන්ඩ්

පොලිස් වාර්තාවක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් දසදහසක අල්ලසක් ලබාගත් බව කියන නිලාවේලි ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකු ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(6) නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරු අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙලෙස නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ සිද්ධියට අදාලව සැකකරු පොලිස් වාර්තාවක් ලබා ගැනීම සඳහා රුපියල් දසදහසක අල්ලසක් ලබාගෙන ඇති බවයි.

නිලාවේලි ප්‍රදේශයේ පැමිණිලිකාරියක් විසින් කරන ලද පැමිණිල්ලකට අදාලව කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරිය සඳහන් කර සිටියේ පුද්ගලිකව පවතින ආරවුලක් හේතුවෙන් මෙලෙස සැකකරුට පැමිණිලිකාරිය විසින් ව්‍යාජව චෝදනා ගොනු කර ඇති බවයි.

ඒ අනුව සුදුසු ඇප කොන්දේසියක් මත සැකකරුට ඇප ලබාදෙන ලෙස නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාලව ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු අධිකරණයට ඉදිරිපත් නොකිරීම නිසා සැකකරු ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01