අනාගත පරපුර මත්ද්‍රව්‍යයෙන් මුදා ගැනීමට සියලු දෙනා වගකීම් ඉටු කරමු – ජනපති

රටේ භෞතික සංවර්ධනය මෙන්ම සමාජයේ යහ-පැවැත්ම සහ ස්ථාවරභාවයද ඉතා වැදගත් බවත්, ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කරමින් රටේ අනාගත පරපුර මෙම ව්‍යසනයෙන් මුදා ගැනීම සඳහා සියලුදෙනා වගකීම් ඉටු කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා ගොඩනඟන ලද “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ තෙවන සැසිය ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවට එක් වෙමින්.

දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාළ කිරීම, වැටලීම් පුළුල් කිරීම, ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය, මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම අරමුණු කරගත් නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ මත්ද්‍රව්‍යවලට එරෙහිව ප්‍රජාව සවිබල ගැන්වීම යන බහුවිධ ප්‍රවේශ මගින් රට තුළ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම ඉලක්ක කර ගනිමින් “විෂ මතින් තොර රටක් – සතුට පිරි හෙටක්” තේමාව යටතේ “ඉවත් වෙනු – රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ බෙදා හරින්නන්ට එරෙහිව දැවැන්ත සමාජ බලපෑමක් සහ පීඩනයක් ගොඩනැගීමටත්, විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පුනරුත්ථාපනය සඳහාත් රජය, ආරක්ෂක අංශ, සිවිල් සංවිධාන සහ සියලු පුරවැසියන් ඒකාබද්ධ වූ ජාතික පෙරමුණක් ලෙස මෙය ක්‍රියාත්මක වනවා.

විෂ මත්ද්‍රව්‍යවලට අදාළව මේ වන විට සිදු කෙරෙන වැටලීම්, අත්අඩංගුවට ගැනීම් සහ පුනරුත්ථාපන ක්‍රියාවලියේ ප්‍රගතිය මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර, ඊට කැප වී කටයුතු කරන සියලු ආයතන, නිලධාරින් සහ ජනතාවට ජනාධිපතිවරයා සිය ස්තූතිය පළ කළා.

2025.01.01 සිට 2026.01.05 දක්වා කාලය තුළ, හෙරොයින් 1821.174kgක්, අයිස් 3865.710kgක්, ගංජා 17189.377kgක්, කොකේන් 38.958kgක්, මත්පෙති සහ මත් කරල් 4,049,569ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව මෙහිදී අනාවරණය කෙරුණා.

පසුගිය සාකච්ඡාවේදී තීරණය කළ පරිදි අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීම සම්බන්ධයෙන් නව නීති සකස් කිරීමේ කටයුතුවල ප්‍රගතියද මෙහිදී කමිටුවේ අවධානයට යොමු වූ අතර, එම කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දුන්නේය. එමෙන්ම, දැනට අත්අඩංගුවට ගෙන තිබෙන මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීමේ ප්‍රගතිය පිළිබදවද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරුණා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ සමාජයීය තොරතුරු හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඊට අදාළ දත්ත එක්රැස් කිරීම වෙනුවෙන් සමීක්ෂණයක් සිදු කිරීම පිළිබඳවද සාකච්ඡා වුණා.

මෙම ජාතික වැඩසටහන පුළුල්ව ඉදිරියට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අධ්‍යාපන ආයතන, රාජ්‍ය ආයතන, ස්වේච්ඡා සංවිධාන සහ කලා සංවිධාන ඇතුළු සියලු පාර්ශ්ව ඒකාබද්ධ කර ගත් ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරුණා.

එමෙන්ම, ගම සහ ආගමික සිද්ධස්ථාන අතර ඇති සබැඳියාව භාවිතයට ගනිමින් ආගමික නායකයන්ගේ දායකත්වය ඇතිව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වුණා.

මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි, රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය වලේබොඩ ගුණසිරි හිමි, අතිපූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද හිමි ප්‍රමුඛ මහා සංඝරත්නයද, නිශාන්ත ප්‍රනාන්දු පියතුමා, ශ්‍රී වේලු සුරේෂ් ෂර්මා කුරුක්කල්තුමා, මුත්තුසාමී අලගේසන් කුරුක්කල්තුමා, ෂෙයික් මොහොමඩ් අර්ක්‍රම් නූරාමිත් මවුලවිතුමා ඇතුළු පූජක ප්‍රසාදීන් වහන්සේලාද, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15