කෝටි 20කට විකිණීමට තිබූ වාලම්පුරි දෙකක් සමඟ තිදෙනෙක් මාට්ටු

කුරුණැගල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එක්ව කුරුණෑගල, මල්කඩුවාව ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රියේ සිදු කළ විශේෂ වැටලීමකදී වාලම්පුරි දෙකක් සහ මැණීක් ගල් කිහිපයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වාලම්පුරි දෙක රැපියල් කෝටි 20කට විකිණීමට සූදානම් කර තිබූ බවයි වාර්තා වන්නේ.

ගුවන් හමුදා බුද්ධි අංශය මඟින් කුරුණෑගල වනජීවී සහකාර අධ්‍යක්ෂක කාර්යාලය වෙත ලබා දුන් බුද්ධී තොරතුරකට අනුව, කුරුණෑගල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පිරිසක් හා රිටිගල වනජීවි නිලධාරීන්, හා අනුරාධපුර කලාපයේ වනජීවි නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී වාලම්පුරි දෙකක්, මැණීක් ගල් කිහිපයක් සහ සැකකරුවන් විසින් රාවණා ගල ලෙස හඳුන්වා දී තිබූ තවත් ගල් වර්ගයක් ද සොයා ගැනීමට වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වනජීවී නිලධාරීන් උපායදූතයන් ලෙස වෙස්වලා ගනිමින් මෙම වාලම්පුරි මිලදී ගැනීමට පැමිණෙන ව්‍යාපාරිකයින් මුවාවෙන් ගොස් මෙම වැටලීම සිදුකර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 55, 36, 35,යන වයස් වල පසුවන කුරුනෑගල සහා ත්‍රීකුණාමළය යන ප්‍රදේශවල පදිංචි අය බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33