ජපානයට ප්‍රබල භූමිකම්පාවක්

ජපානයේ ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.2ක් ලෙස සටහන් වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

භූමිකම්පාව ෂිමානේ ප්‍රාන්තයේ නැගෙනහිර කොටසේ කේන්ද්‍රගත වී ඇති අතර, කලාපය පුරා පුළුල් ලෙස දැනුණු නමුත් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පැවසුවේ භූමිකම්පාව දේශීය වේලාවෙන් උදෑසන 10.18ට පමණ සිදු වූ බවත් ෂිමානේහි ඇතැම් ප්‍රදේශවල ජපානයේ භූ කම්පන තීව්‍රතා පරිමාණයෙන් ඉහළ තීව්‍රතාවයක් වාර්තා කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
9
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?