වෙනිසියුලානු ජනාධිපති සහ බිරිඳ නිව්යෝර්ක් වෙත රැගෙන එයි

විශේෂ මෙහෙයුමකින් ඇමරිකානු හමුදා භාරයට ගැනුණු වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් රැගත් ගුවන් යානය නිව්යෝර්ක් හි ස්ටුවර්ට් ගුවන් ජාතික ආරක්ෂක කඳවුරට පැමිණ ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

අනතුරුව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ හෙලිකොප්ටරයකින් මැන්හැටන්හි වෙස්ට්සයිඩ් හෙලිපෝර්ට් වෙත ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජනපද මාධ්‍ය වාර්තාවලට අනුව ඔහු එක්සත් ජනපද මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ පරිපාලනයේ මූලස්ථානයට ගෙන ගොස් ඇති බව සඳහන්.

එතැන් සිට, ඔහු බෘක්ලින්හි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන යනු ලබන අතර, ලබන සතියේ මෑන්හැටන් ෆෙඩරල් අධිකරණයේ මත්ද්‍රව්‍ය සහ ආයුධ චෝදනාවලට මුහුණ දීමට පෙර ඔහු රඳවා තබා ගැනීමට අපේක්ෂා කෙරෙනවා.

ඊයේ (03) අලුයම් කාලයේ වෙනිසියුලානු අගනුවර ඇමරිකානු හමුදාව සිදුකළ මෙහෙයුමක දී වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලාගෙන රටින් පිටතට රැගෙන යාමට කටයුතු කළා.

එලෙස රැගෙන ගිය වෙනිසියුලානු ජනාධිපතිවරයා ඇමරිකානු යුද නෞකාවක් තුළ රඳවා සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රසිද්ධියට පත්කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම රත්වෙයි..පොලිස්පතිතුමා අපේ රැහේ මිනිහෙක්..
09:21
Video thumbnail
නාමල් ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි - කොන්දක් නැත්තම් දේශපාලනය කරන්න එපා
07:01
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට මෙහෙම නීතිය නවන්න පුළුවන්ද?
08:47
Video thumbnail
චාමර සම්පත්ගේ කතාව අහපු අර්චුනා බඩ අල්ලන් හිනාවෙයි
02:38
Video thumbnail
හරිනි සමලිංගික ද නැද්ද කියලා අපිට වැඩක් නෑ
01:08
Video thumbnail
"බස් ගාස්තු අඩු කරන්න අපි කැමතියි..?"අපි බලන් ඉන්නේ රජය පොරොන්දු ඉෂ්ඨ කරනකල්
03:20
Video thumbnail
අගමැතිතුමියට අපහාස කරන්න එපා - ඉල්ලා අස්කරගන්න
02:55
Video thumbnail
පාර දිගේ බඩ ගාගෙන ඇවිල්ලා හොරා ලාච්චුවට දීපු සුද්දේ
04:47
Video thumbnail
යළි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි
03:33
Video thumbnail
නලින්දගේ කතාවට දයාසිරි නැගිටලා ගේම ඉල්ලයි
02:29


?