සංචරණ සීමා මැද යාල එක දිනකට විවෘත කරන්න යන හේතුව හෙළිවෙයි

මෙරට නිරෝධායන නීතිය සහ සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක වන මොහොතක යාල ජාතික වනෝද්‍යානය හෙට (08) දිනයේ දී එක් දිනයක් සඳහා විවෘත කිරීමේ සුදානමක් පවතිනවා.

මෙලෙස යාල විවෘත කිරීමට හේතුව ලෙස වාර්තා වන්නේ ප්‍රංශ නාවික හමුදාවට අයත් සාමාජිකයන් පිරිසක් සඳහා ය. 

යාල ජාතික වනෝද්‍යානයේ උසස් නිලධාරියෙකු විසින් රූපවාහිනි නාලිකාවක් වෙත පවසා තිබුණේ ලබන 08 වැනිදා පමණක් වනෝද්‍යානය විවෘත කර තබන්න යැයි දැනුම් දීමක් කර ඇති බවයි. 

මෙම පැමිණෙන ප්‍රංශ නාවිකයන්ගේ සංචාරක කටයුතු සියල්ලම සංචාරක අමාත්‍යංශය යටතේ සිදුවන බවත් දැනගන්නට ලැබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ද මේ සම්බන්ධව අදහස් දැක්වීමක් කර තිබුණු අතර එහිදී ඔවුන් සඳහන් කර තිබුණේ ප්‍රංශයට අයත් යුද නෞකා දෙකක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01
Video thumbnail
යහපත් නොවූ අයහපත් කාලගුණය වටවලට බලපා තිබූ හැටි...
01:06
Video thumbnail
කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමත් සීඝ්‍රයෙන් ඉහළට
06:10
Video thumbnail
සජිත්, නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරයි
07:15
Video thumbnail
බයික් එකේ ලොක් එක කඩලා පර්ස් එක උස්සන් ගිය හොරා
01:05
Video thumbnail
නඩු ප්‍රමාදය අවසන් කරන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි
03:49
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
01:22
Video thumbnail
මොරගොල්ල ජල ව්‍යාපෘතියත් ජලයෙන් යටවෙයි - බැකෝ යන්ත්‍ර සේරම යටවෙලා
01:03
Video thumbnail
"අපිට සැකයක් තියෙනවා බාහිර බලපෑමක් මේකට තිබ්බද කියලා"
02:25
Video thumbnail
මහර සිද්ධියේ පිටුපස ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
06:20