ගමේ ගිය අයට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන සේවා හෙට සිට

උත්සව සමයේ ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට හෙට (28) සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ, අනුව කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් දුර ගමන් සේවා අමතර ගමන් වාර සැලසුම් කර ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ.

එමෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ පළාත් කිහිපයක සිට කොළඹට පැමිණෙන ජනතව වෙනුවෙන් බස් රථ සූදානම් කර ඇති බවයි.

මේ අතර කොළඹ කොටුව – කන්කසන්තුරෙයි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය හෙට (28) දිනයේ ධාවනයට සැලසුම් කර ඇති අතර, මාතරින් ද අනිද්දා (30) අලුයාම 5.00ට කොළඹ කොටුව බලා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?