මොස්කව්හි සිදුවූ පිපිරීමකින් එරට හමුදා ප්‍රධානියක් මියගොස් තිබෙනවා.
මෝටර් රථයක් යට අටවන ලද පුපුරණ ද්‍රව්‍යයක් පුපුරා යාමෙන් ලුතිනන් ජෙනරාල් ෆැනිල් සර්වරොව් අද (22) උදෑසන මියගොස් ඇති බවයි රුසියාවේ විමර්ශන කමිටුව පැවසුවේ.
එම කමිටුව සඳහන් කළේ ලුතිනන් ජෙනරාල් ෆැනිල් සර්වරොව් සන්නද්ධ හමුදා මෙහෙයුම් පුහුණු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවයි.
මහල් නිවාස ගොඩනැගිල්ලක් අසල රථගාලක මෙම පිපිරීම සිදුවී ඇති බවයි රුසියානු මාධ්‍ය වාර්තා කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1














