ඉන්දියානු බාල ඖෂධ මාෆියාව සඳහා මෙරට රෝගීන් බිලිදීමේ ව්‍යාපාරයක් පවතින බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.
මීට පෙර පැවති 76 වසරක පාලන කාලය තුළ ඖෂධවල ප්‍රමිතිය පැවතියේ බ්‍රිතාන්‍ය හෝ ඉන් ඉහළ ප්‍රමිතියේ බවත් එම 76 වසර ඇතුළත එම ප්‍රමිතිය ඉන් පහළට නොදැමූ බවත් ඔහු කියා සිටියා..
කෙසේ වෙතත් එම 76 වසරක සාපය දුරලන්න යැයි පවසා බලයට පැමිණි අය, ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශය තුළ නොදුන් නමුත්, ඉන්දියාවට හොර රහසේ දුන් ප්‍රතිඥාවක් ඉටු කරමින් බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළ ඇති, ඉන්දියානු ප්‍රමිතියේ ඖෂධ මෙරට ඖෂධ වෙළදපොලට පිළිගෙන ඇති බවයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ වැඩිදුරටත් පවසා සිටියේ.
අද (20) ජාතික නිදහස් පෙරමුණ විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.














