සිවිල් සිටි කොස්තාපල්ගේ නොහොබිනා වැඩ නිසා පෙත්සම්කරුවන්ට රජයෙන් වන්දි

පොලිස් නිලධාරියෙක් සිවිල් ඇඳුමින් සැරසී සිටි පමණින් ඔහු විසින් කරනු ලබන ක්‍රියාවන්හී වගකීමෙන් රජයට බැහැර විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබෙනවා.

කටුනායක පොලීසියේ නිලධාරියෙක් තමන්ට අමානුෂික ලෙස පහර දී කායික සහ මානසික වශයෙන් හිංසාවට ලක්කළ බව සඳහන් කරමින් වාගොව්ව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම තීන්දුව නිකුත් කරනු ලැබුවා.

පෙත්සම්කරු කියා සිටියේ 2019 වසරේ පෙබරවාරි මස 10 වැනිදා මිනුවන්ගොඩ පිහිටි හෝටලය අසල රිය අනතුරක් සිදුවී තිබෙනු තමන් දුටු බවත් එම ස්ථානය අසලට යන අවස්ථාවේදී වැටී සිටි පුද්ගලයෙකු “වෙඩි තියන්න එපා” යනුවෙන් කෑ ගසනු තමන්ට ඇසුනු බවයි.

එම ස්ථානයට ගිය විට සිවිල් ඇඳුමින් සැරසී පුද්ගලයකු සිටි බවත් මෙම පුද්ගලයා පොලිස් නිලධාරිකු වශයෙන් තමන් හඳුනාගත් බව සඳහන් කළ පෙත්සම්කරුවන් එම පුද්ගලයා මෙම පෙත්සමේ පළමු වන වගඋත්තරකරු වශයෙන් නම්කර ඇති කටුනායක පොලිසියේ සේවය කළ කොස්තාපල්වරයෙකු බවත් ප්‍රකාශ කර තිබේ.

පසුව තමන් සිදුවූ දේ පිළිබඳ විමසූ විට එම වගඋත්තරකරු තම ගිනිඅවියෙන් පහර දීම නිසා පළමුවන පෙත්සම්කාර ටයිටස් කුමාර නැමැත්තා බිම ඇද වැටී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ හිසේ පිටුපස කොටසේ සහ තොල්වලට තුවාල සිදුවී ඇති බවය.

අනෙක් පුද්ගලයාට ද වග උත්තරකරු විසින් පහරදී ඇති අතර මෙම පහරදීම් හේතුවෙන් පෙත්සම්කරුවන් දෙදෙනා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගෙන ඇති බව සඳහන්ය.

මෙම ක්‍රියාව තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළහ.

නඩු විභාගය පැවති අවස්ථාවේදී රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ මෙම ක්‍රියාව සිදුවන අවස්ථාවේදී පළමුවන වගඋත්තරකාර පොලිස් කොස්තාපල්වරයා සිවිල් ඇඳුමින් සැරසී සිටි බවත් එම නිසා ඔහු පොලිස් නිලධාරියකු වශයෙන් පෙත්සම්කරුවන් හඳුනාගත්තේ කෙසේද? යන බරපතළ සැකයක් මතුවන බව සඳහන් කර සිටියාය.

එම නිසා සිවිල් ඇඳුමින් සැරසී සිටි මේ පුද්ගලයා සිදුකළ ක්‍රියාවේ වගකීම රජයට දැරිය නොහැකි බවත් ඇය පෙන්වා දුන්නාය.

ඒ අනුව මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බව රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ සඳහන් කර තිබුණි.

එහෙත් සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ” රජයේ නීතිඥවරිය විසින් මතු කළ තර්කය අධිකරණය බැහැර කරනවා. පොලිස් ආඥා පනතේ 56 වන වගන්තිය යටතේ සෑම පොලිස් නිලධාරියෙකුම සෑම විටම රාජකාරියේ යෙදී සිටින පුද්ගලයෙකු ලෙස සැලකිය යුතු බව සඳහන්ව තිබෙනවා. එමෙන්ම ඔහු විසින් භාවිත කළ ගිනි අවිය කටුනායක පොලිසිය විසින් නිකුත් කළ ගිනි අවියක් බවටත් කරුණු ඉදිරිපත් වී තිබෙනවා. ඊට අමතරව තමන් පොලිස් නිලධාරියකු බව ඔහු පෙත්සම්කරුවන්ට සඳහන් කර තිබෙනවා. ඔහුගේ හැඳුනුම්පතත් පෙන්වා තිබෙනවා. එම නිසා පෙත්සම්කරුවන් මෙම වග උත්තරකරු පොලිස් නිලධාරියෙකු ලෙස හඳුනා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට කිසිදු සැකයක් මතු වෙන්නේ නැහැ. මෙම පෙත්සංකරුවන් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අධිකරණ වෛද්‍ය වාර්තාව පිරික්සීමේදී ඔවුන් පහරදීම නිසා තුවාල වලට ලක්වී තිබෙන බව පැහැදිලි වෙනවා. මෙම ක්‍රියාව තුළින් වගඋත්තරකාර පොලිස් කොස්තාපල්වරයා තමන් වෙත පැවරී තිබෙන බලය අවභාවිතා කර තිබෙන බව පැහැදිලියි. ඒ නිසා සිවිල් ඇඳුමින් සැරසී සිටියත් ඔහු කළ ක්‍රියාවේ වගකීමෙන් රජයට බැහැර විය නොහැකියි. පළමු වන වගඋත්තරකරු මේ වන විට පොලිස් සේවයෙන් ඉවත්ව විදේශගතව සිටින බවට විභාගයේදී කරුණු අනාවරණය වුණා.එහෙත් ඔහු කළ ක්‍රියාව සම්බන්ධයෙන් රජය වගකීමට බැඳී සිටියි” යනුවෙන් ප්‍රකාශ කළ විනිසුරුවරයා මෙම පෙත්සම්කරුවන්ට සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රජය විසින් ඔවුන්ට රුපියල් 10000/- බැගින් වන්දි ගෙවිය යුතු බවටත් නියෝග කළේය.

එම වන්දි මුදල් තීන්දුව ප්‍රකාශයට පත්කළ දිනයේ සිට මාස තුනක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවත් තීන්දුවේ වැඩිදුරටත් සඳහන් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15