ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති ඇමති වෙත පිළිගන්වයි

2025 අංක 14 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව සකස් කරන ලද ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පිළිගන්වා තිබෙනවා.

ඒ, විදුලිබල ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කළ කමිටුව විසින්.

ජාතික ජනබලවේග රජයේ ප්‍රතිපත්තිවලට අනුව මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ වත්මන් හා අනාගත අවශ්‍යතා මෙන්ම අභියෝග ජය ගැනීම අරමුණු කර ගනිමින් පුළුල් ජාතික බලශක්ති ප්‍රතිපත්තියක් සැකසෙන අතර, එහි ප්‍රධානතම අංශයක් ලෙස ජාතික විදුලිබල ප්‍රතිපත්තිය හඳුන්වාදිය හැකියි.

ඉදිරියේ දී මෙම ප්‍රතිපත්ති කෙටුම්පත මහජන අදහස් ලබාගැනීමේ ක්‍රියාවලියකටද යොමු කරණ අතර, ඉන් පසුව ජාතික විදුලි ප්‍රතිපත්තිය ලෙස සම්මත කර ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?