නාය යෑමේ අවදානමට ලක්වූ පාසල් පරීක්ෂාවට කණ්ඩායම් 15ක් – අවදානම් ස්ථාන 8,300ක් ගැන පැමිණිලි

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නාය යෑමේ අවදානමට ලක්වූ පාසල් විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව එම අවදානම් තත්ත්වයන් පරීක්ෂාව සඳහා කණ්ඩායම් 15ක් යොදවා ඇති බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ හසලි හේමසිංහ අද (15) මාධ්‍ය වෙත පැවසුවේ.

මේ අතර නායයෑම් පිළිබඳ අවදානම් ඇති ස්ථාන නිරීක්ෂණයට 8,300 කට වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය වෙත ලැබී ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

ඒ, අනුව එම ස්ථාන නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කණ්ඩායම් 50ක් යොදවා ඇති බව යෙෂ්ඨ විද්‍යාඥ හසලි හේමසිංහ පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?