ක්‍රිකට් ක්‍රීඩකයින් කෝටිපතියන් කරන IPL ක්‍රීඩක වෙන්දේසිය අද

2026 අයි.පී.එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (16) පස්වරුවේ ආරම්භ වනවා.

අබුඩාබි හිදී පැවැත්වෙන මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී දේශීය සහ විදේශීය ක්‍රීඩකයින් 359 දෙනෙකු වෙනුවෙන් ලංසු තැබීමට නියමිතයි.

තුන් වතාවක් ශූරයන් වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම රුපියල් කෝටි 64.30 ක මුදල් පසුම්බියක් සමඟ මෙවර ක්‍රීඩක වෙන්දේසියට පිවිසෙනවා.

එමෙන්ම පස් වතාවක් ශූරයන් වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර ක්‍රීඩක වෙන්දේසියට පිවිසෙන්නේ රුපියල් කෝටි 43.40ක මුදල් පසුම්බියක් සමඟයි.

මීට අමතරව සන්රයිසස් හයිද්‍රාබාද්, දිල්ලි කැපිටල්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සතුව රුපියල් කෝටි 20 කට වඩා වැඩි මුදලක් වෙන්දේසිය වෙනුවෙන් වියදම් කිරීමට ඉතිරිව ඇති අතර, පස් වතාවක් ශූරයන් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සතුව ඇත්තේ රුපියල් කෝටි 2.75ක් පමණයි.

මෙවර වෙන්දේසියට ඉදිරිපත් කරන ක්‍රීඩකයින්ට හිමිව ඇති උපරිම මූලික මිල රුපියල් කෝටි 02 ක් වන අතර, හිමිව ඇති අවම මූලික මිල රුපියල් ලක්ෂ 40ක්.

මේ අතර මෙවර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 12 දෙනෙකු ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08
Video thumbnail
රැඳවියන්ගේ දෙමාපියන් හඬා වැටෙයි - අපේ පුතා ඇප ගන්න හිටියේ..දරුවෝ තුවාලද ? මැ#ලද ?
04:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:13
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40