වන්කඩේ පිටියට ආ මෙසීට තෙන්ඩුල්කාර්ගෙන් ස්වර්ණමය සිහිවටනයක්

ඉන්දියාවේ සංචාරයක නිරතවන ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී ඊයේ (14) මුම්බායි නුවර වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණියා.

එහිදී මෙසීට රැස්ව සිටි ප්‍රේක්ෂකයින්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වුණා.

මෙම අවස්ථාවේ දී හිටපු ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ට ලයනල් මෙසීව හමුවීමට අවස්ථාව හිමිවීම ද විශේෂත්වයක්.

මෙම හමුවේ දී සචින් තෙන්ඩුල්කාර් සතුව තිබූ වටිනා සිහිවටනයක් ත්‍යාගයක් ලෙස මෙසීට ලබාදීමට කටයුතු කළා.

එහිදී තෙන්ඩුල්කාර් විසින් 2011 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී පැළඳි අංක 10 ජර්සිය ත්‍යාගයක් ලෙස ලයනල් මෙසීට ලබාදුන්නා.

ක්‍රිකට් පුරාවෘත්තයක් වන සචින් තෙන්ඩුල්කාර් ලයනල් මෙසීගේ මුම්බායි සංචාරය “ස්වර්ණමය මොහොතක්” ලෙස මෙහිදී සඳහන් කළ අතර, මෙසීගේ කැපවීම, නිහතමානීකම සහ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමේදී ඔහුගේ භූමිකාව තෙන්ඩුල්කාර් ප්‍රශංසා කළා.

මෙසී සහ මියාමි කණ්ඩායමේ සාමාජිකයින් වන ලුයිස් සුවාරෙස් සහ රොඩ්‍රිගෝ ද පෝල්ගේ මෙම පැමිණීම, වන්කඩේ ක්‍රීඩාංගණයේ ඉතිහාසයට තවත් විශේෂ පරිච්ඡේදයක් එක් කළ අතර, මුම්බායි නගරය විසින් මෙම සුපිරි පාපන්දු ක්‍රීඩකයින්ට ලබාදුන් උණුසුම් පිළිගැනීම ඇගයීමට ද සචිම් මෙහිදී අමතක කළේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15