කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර හෙරොයින් කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 308ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (14) අලුයම් කාලයේ මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 28ක රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අත්අඩංගුවට ගත් සැකකරු අද (14) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1















