ජනාධිපති අරමුදලෙන් උසස් පෙළ විශිෂ්ටයන්ට මිලියන 36ක්

ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ නව වෙනි අදියර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් හෙට (14) අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා.

එහිදී 2023 සහ 2024 වර්ෂයන්හි අ.පො.ස උසස් පෙළ විභාගයේදී විශිෂ්ට ප්‍රතිඵල ලැබූ බස්නාහිර පළාත් සිසුහු අගැයීමට ලක් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කළ නිවේදනයේ සඳහන්,

ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල උසස් පෙළ සමත් විශිෂ්ඨයෝ 361 දෙනෙක් ඇගයීමට ලක් කෙරෙන අතර, මෙහිදී ඔවුන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් රුපියල් මිලියන 36.1 ක ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?