හොර අරක්කු බෝතල් 69ක් පැන්වූ මිනුවන්ගොඩ අයෙක් මාට්ටු

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය මත්පැන් බෝතල් 69 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන්තොටුපොළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය නිලධාරීන්ට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28 ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කටුනායක ගුවන් තොටුපොළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.