ආධාර රැගෙන ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් කටුනායකට (ඡායාරූප)

‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත්ව සිටින ශ්‍රී ලාංකික ජනතාව සඳහා ආධාර තොගයක් රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තවත් ගුවන් යානයක් අද (09) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම ගුවන් යානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාව සතු විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන සී – 17 වර්ගයේ යානයක්.

අබුඩාබි නුවර සිට පැමිණි මෙම ගුවන් යානයේ මෙට්‍රික් ටොන් 27ක ආහාර ද්‍රව්‍ය මෙරටට ඒවා තිබුණා.

මෙම ආහාර තොගයේ 08 දෙනෙකුගෙන් යුත් පවුලකට දින 14ක් සදහා සෑහෙන ආහාර අඩංගු ඇසුරුම් 1,080ක් ඇතුළත්.

ආධාර තොගයක් රැගත් යානය පැමිණි අවස්ථාවට ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය තානාපති රෂීඩ් අලි මසූරි ඇතුළු එම තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

මේ අතර ඉන්දියාවේ ද ආධාර තොගයක් රැගත් තවත් ගුවන් යානයක් අද (09) පස්වරු 01.55 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඉන්දීය ගුවන් හමුදාව සතු සී – 17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මෙම ආධාර රැගෙන දිවයිනට පැමිණි අතර, මෙම ගුවන් යානයෙන් මෙට්‍රික් ටොන් 61 ක් බරැති, අඩි 110ක් දිග බේලි යකඩ පාලමක් සහ කිලෝ ග්‍රෑම් 600ක් බරැති ඖෂධ තොගයක් ද මෙරටට රැගෙන ආවා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

IMG 20251209 WA0242 scaled
IMG 20251209 WA0288 scaled
IMG 20251209 WA0274
20251209 141713


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට
00:54
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද මහේස්ත්‍රාත්වරයා කුරුවිට බන්ධනාගාරයට පැමිණෙන අයුරු
02:20
Video thumbnail
බන්ධනාගාරවල ඇතිවූ නොසන්සුන්තාව ගැන අධිකරණ ඇමති කට අරියි - කිසිම චාන්ස් එකක් නෑ කුමන්ත්‍රණ කරන්න
02:34