සහන කටයුතුවලට හමුදාවේ 14ක් එක්ක ඉන්දියාවෙන් තවත් හෙළිකොප්ටරයක් එයි

ශ්‍රී ලංකාවට බලපෑ ආපදා තත්වයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා ඉන්දීය රජය විසින් ලබා දී තිබූ එරට ගුවන් හමුදාව සතු එම්.අයි.- 17 හෙළිකොප්ටර් යානා 02 අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සඳහා යළි ඉන්දියාව වෙත යොමු කිරීමත් සමඟ තවත් එවැනිම එම්.අයි. – 17 වර්ගයේ හෙළිකොප්ටර් යානයක් අද (09) මෙරටට ඒවා තිබුණා.

එම හෙළිකොප්ටර් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර වෙත අද (09) පෙරවරු 11.50ට පැමිණ පැමිණි බවයි වාර්තා වුණේ.

මෙම යානය සමඟ එරට ගුවන් හමුදා භටයින් 14 දෙනෙකු ද දිවයිනට පැමිණ සිටින අතර, ඔවුන් මෙරට හමුදාව සමඟ ඒකාබද්ධ වෙමින් ශ්‍රී ලංකාවේ ආපදා මෙහෙයුම්වල නිරතවීමට නියමිතයි.

මේ අතර ඉන්දියාව වෙත යොමු කළ හෙළිකොප්ටර් යානා දෙක මගින් මෙරට ආපදාවට පත් වී සිටි ශ්‍රී ලාංකිකයන් 270 දෙනෙකු මුදාගෙන ගෙන ඇති අතර , එම යානා දෙක මගින් මෙට්‍රික් ටොන් 50ක පමණ භාණ්ඩ තොගයක් රට පුරා ආපදා තත්ත්වයට මුහුණ දී සිටින ජනතාව වෙත බෙදාහැරීම සදහා සුරක්ෂිතතා මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට
00:54
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද මහේස්ත්‍රාත්වරයා කුරුවිට බන්ධනාගාරයට පැමිණෙන අයුරු
02:20
Video thumbnail
බන්ධනාගාරවල ඇතිවූ නොසන්සුන්තාව ගැන අධිකරණ ඇමති කට අරියි - කිසිම චාන්ස් එකක් නෑ කුමන්ත්‍රණ කරන්න
02:34