ක්‍රිකට් ක්‍රීඩක චාමික ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග

සිය දරුවාගේ පීතෘත්වය සනාථ කිරීම සඳහා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ DNA වාර්තාවක් කැඳවන ලෙස පුද්ගලික ගුවන් සමාගමක ගුවන් නියමුවරියක් අධිකරණයෙන් කළ ඉල්ලීමක් වගඋත්තරකාර චාමික කරුණාරත්නගේ නීතිඥවරයා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

තමා සමඟ විවාහ වන ලෙස හෝ එසේ නොමැති නම් තම දරුවා වෙනුවෙන් නඩත්තු ගෙවන ලෙස ඉල්ලා ගුවන් නියමුවරියක් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව පවරා ඇති නඩුව අද (08) අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාරියගේ නීතිඥවරිය කළ ඉල්ලීමක් එසේ ප්‍රතික්ෂේප කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලට අදාළව කරුණු සලකා බැලීමට නඩුව ජනවාරි 30 නැවත කැඳවීමට අධිකරණයෙන් නියම කර සිටියා.

සිද්ධියට අදාළ වගඋත්තරකරු වන චාමික කරුණාරත්න රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහරිමින් මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළා.

ගුවන් නියමුවරියක බව කියන සෙව්වන්දි සේනාධීර නමැත්තියක විසින් ගොනුකර තිබු පැමිණිල්ලට අදාළ නඩුව අධිකරණය හමුවේ නැවත කැඳවූ ලැබුවා.

විවාහවීමේ බලාපොරොත්තුව ඇතිව තමන් ‍ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න සමඟ සබඳතාවයක් පවත්වාගෙන ගිය බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුටදාව තමන්ට දරුවෙක් සිටින බව ද ඇය සිය පැමිණිල්ල මඟින් අධිකරණයට දැනුම් දී තිබුණා.

පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ ජෙරුස තාම්බායියා නීතිඥවරිය සඳහන් කළේ සිද්ධියට අදාළව පීතෘත්වය සලකා බැලීමට ඩී.එන්.ඒ පරීක්ෂාවක් කිරීමට අධිකරණයෙන් නියෝගයක් ලබා දෙන ලෙසයි.

එම අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනීී සිටි නීතිඥ අසේල රැකවල සඳහන් කර සිටියේ, ඩී.එන්.ඒ වාර්තාවක් ලබා ගැනීමට අධිකරණයෙන් බලපෑමක් කළ නොහැකි බවත්, එය ඔප්පු කිරීම් භාරය ඉල්ලුම්කාරියට පවතින බවයි.

ඒ අනුව වගඋත්තරකරු ඩී.එන්.ඒ පරීක්ෂාව කිරීම ප්‍රතික්‍ෂේප කරන බවත්, සිද්ධියට අදාළව පීතෘත්වය ලබාදීම ප්‍රතික්ෂේප කරන බව ද අධිකරණයට දැන්වූවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ වගඋත්තරකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ, මෙම ඉල්ලුම්කරු ගර්භනීව සිටි අවධියේ වෙනත් ඉන්දීය ගුවන් නියමුවරයෙක් සමඟ ඡායාරූප ද රැගෙන ඇති බවයි.

විවාහ වෙන බවට ඔහු තමන්ට පොරොන්දුව ලබා දුන් නමුත් ඔහු තමන් හා විවාහ ගිවිස නොගත් බවත්, පසුව ඔහු තමාව හා දරුවාව අතහැර වෙන්ව සිටින බවද පවසන ඇය සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තමන්ව විවාහ කර නොගන්නේ නම් දරුවා වෙනුවෙන් නඩත්තු ගෙවන ලෙසට ඔහුට නියෝගයක් ලබා දෙන පෙර නඩු දිනයේදි ඉල්ලා තිබුණා.

පැමිණිලිකාර ගුවන් නියමුවරිය හා වගඋත්තරකාර චාමික කරුණාරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය දැක්වූ කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා එම නඩුව ජනවාරි 30 වන දින නැවත කැඳවීමට දින නියම කළා.

  1. පලමු වරද ඇයයි විවාහ වන පොරොන්දුව දෙදෙනා අතර වාචික දෙබසක් සහ ප්‍රකාශ කිරීමක් පමණි ඇය විවාහ ගිවිස ගැනීමකට ප්‍රථම ලිංගික හැසිරීම් වලට කැමති වූයේ මන්ද?. ඇය විසින්ම ඇගේ චරිතය කෙලසාගෙන ඇති අතර අනෙක් පාර්ශවයට තනිකර චෝදනා කිරීම බරපතල වරදක් බැව් මා හට හැඟේ.දෙවැනි කරුණ නම් දරුවකු ලැබීමට සිටිනා බැව් චාමික නොදැන සිටියාද ? .එක් වතාවක් පමණක් එකට සිටි බැව් සිතිය නොහැක .අනික නම් චාමික දැන සිටියානම් මානුෂික සිතුවිල්ලෙන් ගත් කල ඇයටත් කුසේ දරුවාටත් අවමානයක් ඇති නොවන පරිදි විවාහ වීමට තිබුණි .දරුවා බිහිවීමත් සමග නිසි තීන්දුවක් මෙතෙක් ගැනුමට තමාගේ වැඩිහිටියන් පවුලේ නොසිටියා.අවංකභාවය තුල දරුවාගේ අයිතිය බාර ගැනුමට නොහැකි වන්නට චාමික ඔප්පු කර දීමට ඇයට විරුද්ධව සාක්ෂි තිබේද ?.ගුවන් සේවිකාවක ලෙස සේවය කිරීමේදී ඇය ඉන්දියන් ජාතිකයකු සමග ඡායාරූපයක් ගැනීම වරදක් යැයි කීමට නොහැක .මනුස්සකම කරණකොට ගෙන එම කිසිවක් නොදන්නාවූ එම දරු පැටියාගේ අයිතිවාසිකම හර්දසාක්ෂියට එකගව බාර ගැනීම චාමිකගේ මනුස්සකම් වනු ඇත. චාමිකත් දැනගත යුතුව තිබුණා මෙලෙසින් තරුණියක හා එක්වීමේදී දරුවකු පිළිසිඳ ගැනීමට වඩාත්ම අවස්ථාව එලඹෙන බැව් .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටියි - රට බෙදන කතා මම කිව්වේ නෑ..එහෙම එකක් දෙමළෙන් කිව්වේ නෑ
01:37
Video thumbnail
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා චාම්ව වැඩ භාරගත් අයුරු - "ජනපති විශාල වගකීමක් මට භාරදුන්නේ"
07:43
Video thumbnail
මට හාර්ට් ඇටෑක් - අපි මැ#ණත් කමක් නෑ - අපේ ළමයි ටික ඕනි සර්..මුන් අපිව පන්නනවා
01:41
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08